සැහැල්ලු සේනාංකයේ පහර දීම
අඩ ගව්වක්, අඩ ගව්වක්,
අඩ ගව්වක් ඉදිරියට,
මරණයේ මිටියාවතට ගියා
අශ්වයන් පිටින් හය සීයයක්.
ඉදිරියටම යන්න, සැහැල්ලු සේනාංකය!
පහර දෙන්න තුවක්කු වලට! ඔහු කීය:
මරණයේ මිටියාවතට ගියා
අශ්වයන් පිටින් හය සීයයක්.
ඉදිරියට යන්න, සැහැල්ලු සේනාංකය!
හිටියා ද සිත් කැළඹිල්ලෙන් අයෙක්?
නැහැ දැන සිටියේ කිසිම සොල්දාදුවෙක්
අයෙක් පමා දොසක් කර ඇති බව;
කියන්නට බැහැ එහෙම නෙමෙයි කියා
අහන්නට බැහැ ඇයි මෙහෙම කියා
එසේ කිරීම හෝ මිය යෑම පමණයි:
මරණයේ මිටියාවතට ගියා
අශ්වයන් පිටින් හය සීයයක්.
දකුණු පැත්තෙන් කාල තුවක්කු
වම් පැත්තෙන් කාල තුවක්කු
ඉදිරියෙන් කාල තුවක්කු
වෙඩිමුරයන් පාත්වෙයි හෙන හඬින්
මූනිස්සම් හා වෙඩි උණ්ඩ පහර මැදින්
නිර්භීතව හොඳින් ගමන් කළා
මරණයේ හකු මැද්දට
අපායේ කට මැද්දට
අශ්වයින් පිටින් හය සීයයක්.
නිරුවත් වකුටු කඩු හැම අත බැබලුනා
අහසේ කැරකෙද්දී ඒවා බැබලුනා
තුවක්කු රැගත් අය කඩු පහරෙන් වැටෙද්දී
හමුදාවට පහර දෙද්දී, සෙසු ලෝකයාම
කුමක් වේ දැයි බලා සිටිය දී:
කාලතුවක්කු දුම ඉදිරියට පනිද්දී
කෙළින්ම පහර දෙමින් ඇතුල් වෙද්දී;
කොසැක් සහ රුසියන්
වකුටු කඩු පහරින් වැනි වැනී වැටෙද්දී
කැඩි බිඳී සුනු විසුණු වී යද්දී.
ඔවුන් ආපසු ආවා අශ්වයින් පිටින්, ඒත්
හය සීයයම නෙමෙයි.
දකුණු පැත්තෙන් කාල තුවක්කු,
වම් පැත්තෙන් කාල තුවක්කු,
ඔවුන් පිටුපසින් කාල තුවක්කු
වෙඩිමුරයන් පාත්වෙයි හෙන හඬින්;
මූනිස්සම් හා වෙඩි උණ්ඩ පහර මැදින්
විරුවන් සහ අශ්වයින් ඇද වැටෙද්දී,
හොඳින් සටන් වැදුණු ඔවුන්
මරණයේ හකු තුලින් එළියට ආවා,
අපායේ කට තුලින් යළි ආවා,
ඉතිරි වූ සියල්ලන්ම,
හය සීයයෙන් ඉතිරි වූවන්.
ඔවුන්ගේ තේජස කවදා මැකී යයි ද?
අහෝ ඔවුන්ගේ වියරු පහර දීම!
ලොව සියල්ලන් බලා සිටිය දී.
ගරු කරන්න ඔවුන්ගේ ඒ පහර දීමට!
ගරු කරන්න ඒ සැහැල්ලු සේනාංකයට
ශ්‍රීමත් හය සීයයට!
-ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන්
සැහැල්ලු සේනාංකයේ පහර දීම, යනුවෙන් මේ කවි පංතිය ලියා ඇත්තේ සත්‍යය සිද්ධියක් ආශ්‍රිතයෙනි. බ්‍රිතාන්‍ය බර අවි ආයුධ නොමැති සේනාංකයක් ලෝඩ් කාඩිගන් ගේ නායකත්වය යටතේ 1854 ඔක්තෝබර් 25 වැනි දා ක්රිමියන් යුද්ධයේ බලක්ලාවා සටනේ නිරත වූහ.
ක්රිමියන් යුද්ධයේ එක පැත්තක කොසැක් සහ රුසියන් හමුදාවන් ද අනෙක් පැත්තේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා තුර්කි හමුදාවන් ද සටන් වැදුණහ.
බ්‍රිතාන්‍ය හමුදාවේ සම්පූර්ණ අණ දෙන නිලධාරියා වූ ලෝඩ් රැග්ලන් විසින් මේ සැහැල්ලු සේනාංකයව යවන්නට අරමුණු කළේ හතුරු සේනාංකයේ පෙරගමන් ගත් හමුදාවට ආසන්නයෙන් සිටි රුසියන් කාලතුවක්කු හමුදාවක් හඹා ගිහින් පහර දෙන්නටයි. එහෙත් අණ දෙන නිලධාරීන් අතර යම් මට්ටමක දී පණිවුඩ හුවමාරුව කැඩී යාම නිසා ප්‍රමාද දෝෂයකින් වෙනත් කාලතුවක්කු හමුදාවක් ඉදිරියට, වඩාත් හොඳින් සංවිධානය වී තිබුණ හමුදාවක් ඉදිරියට මේ සැහැල්ලු සේනාංකය යැවිණ.
රුසියන් අණ දෙන නිලධාරීන් පළමුවෙන් සිතා ඇත්තේ තමන් ඉදිරියට මෙසේ එන්නේ වෙරිමතින් වූ සෙබල කණ්ඩායමක් කියාය!!!!!
බ්‍රිතාන්‍ය හමුදාව හතුරන්ට පහර දීම ඇරඹුවත්, ඔවුන්ට දැඩි අලාභ සිද්ධ වූයෙන් සැනෙකින් පළා යන්නට සිද්ධ විණ.
පුවත්පතකින් සිද්ධිය කියවන ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන් කිවියා ඉහත කවි පංතිය ලියයි. The Examiner නම් පුවත්පතේ මෙම කවි පංතිය 1854 දෙසැම්බර් 9 වැනිදා පළ විණ. පළ වූ දා සිට මෙය මහත් ජනප්‍රියත්වයක් ලැබි කවි පංතියකි.
තමන් විශ්වාස කරන කිනම් හෝ නායකත්වයේ අණ පිළිපදිනා අය, තමන් ගමන් කරන්නේ මරණයේ හකු මැද්දට ද, අපායේ කට මැද්දට දැයි සොයා බලා ගමන් කරනවා ද?!!!!
******
The Charge Of The Light Brigade
Half a league, half a league,
Half a league onward,
All in the valley of Death
Rode the six hundred.
‘Forward, the Light Brigade!
Charge for the guns!’ he said:
Into the valley of Death
Rode the six hundred.
‘Forward, the Light Brigade!’
Was there a man dismay’d?
Not tho’ the soldier knew
Some one had blunder’d:
Their’s not to make reply,
Their’s not to reason why,
Their’s but to do and die:
Into the valley of Death
Rode the six hundred.
Cannon to the right of them,
Cannon to the left of them,
Cannon in front of them
Volley’d and thunder’d;
Storm’d at with shot and shell,
Boldly they rode and well,
Into the jaws of Death,
Into the mouth of Hell
Rode the six hundred.
Flash’d all their sabres bare,
Flash’d as they turn’d in air
Sabring the gunners there,
Charging an army, while
All the world wonder’d:
Plunged in the battery-smoke
Right thro’ the line they broke;
Cossack and Russian
Reel’d from the sabre-stroke
Shatter’d and sunder’d.
Then they rode back, but not
Not the six hundred.
Cannon to right of them,
Cannon to left of them,
Cannon behind them
Volley’d and thunder’d;
Storm’d at with shot and shell
While horse and hero fell,
They that had fought so well
Came thro’ the jaws of Death,
Back from the mouth of Hell,
All that was left of them,
Left of six hundred.
When can their glory fade?
O the wild charge they made!
All the world wonder’d.
Honour the charge they made!
Honour the Light Brigade’
Noble six hundred!
Alfred Lord Tennyson
නායකත්වයේ අණ පිළිපදිනා අය, තමන් ගමන් කරන්නේ මරණයේ හකු මැද්දට ද, අපායේ කට මැද්දට දැයි සොයා බලා ගමන් කරනවා ද?!!!!// නැත. මරණය දැන දැන හෝ නොදැන අණ පිළිපැදිය යුතුයි.
දූපත් වැසියා,
ඇමෙරිකාවේ නම් එහෙමම නැහැ. මෙහෙ පදනමේ තියෙන්නෙ නායකත්වය වැරදි කරනවා නම් නායකත්වය අයින් කරන්න කියලයි. ඇමෙරිකන් නිදහස් ප්රඥප්තියේ තෝමස් ජෙෆර්සන් ලියන්නේ ජනතාවට අයිතියක් තියෙනවා කියලා, ජනතාවගේ වගකීම තමයි කියල ආරක්ෂාව සහ සතුට වළක්වන රජයක් පෙරළා දමන්න.
බහුතරය වගේ තවත් බැටළුවෙක් නොවී, තමන්ට රටේ ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන අයිතිය කප්පාදු වෙද්දී එය නැවත දිනාගන්න සටන් වදින අය තවමත් ඉන්නවා.
Martha McSally ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට එරෙහිව නඩුව McSally vs Rumsfeld ජයගත් අයෙක්. නඩුව ගියේ සවුදියේ සිටි ඇමෙරිකන් හමුදාවල කාන්තාවන්ට හමුදා කඳවුරෙන් පිට යද්දී අබායා (බූර්කා) අඳින්න යැයි නිල නියෝගයක් ඉටු කරන්න මාර්තා බැහැයි කියපු නිසා.
නොදත් තොරතුරැ ටිකක්…
naleendilruksha,
ඇමෙරිකන් නිදහස කුමක් දැයි හරිහැටියට දැනගන්නවාට ලෝකෙ බලතණ්හාධිකයන් අකමැතියි. 😀
මෙතැනදී Light Brigade කියන්නේ පාබල හමුදාව කියන අර්ථයෙන්ම තමයි. මේ අය අශ්වයන් පිට යන පාබල රෙජිමේන්තුවක්. පාබල සොල්දාදුවකු වෛද්‍ය පරීක්ෂණයකින් සමත් කරනවා (අපේ රටෙත් අදටත් කරනවා) FE = Forwarded Everywhere කියලා. ඒ කියන්නේ ලෝකයේ ඕනෑම තැනක ඕනෑම දේශගුණ තත්වයක සටන් කරන්න සුදුසුයි කියන එකයි. පාබල සොල්දාදුවා කෝකටත් ඔට්ටු සොල්දාදුවෙක්. Volley’d and thunder’d; Storm’d at with shot and shell කියන එකට මූනිස්සම් නොකියා ‘ගිගුම් දෙන කාලතුවක්කු උණ්ඩ වරුසා’ වගේ යෙදුමක් වඩා හොඳයි කියා හිතෙනවා. ලස්සන කවිපෙළ හා පරිවර්තනය අගය කරනවා.
විචාරක,
පළ කරන්න කලින් විචාරකට එවලා වැරදි නිවැරදි කරගන්න හිතුනත් මෙහෙ නිතර එන නිසා වැරදි ඇත්නම් පෙන්වා දේවි යැයි අපේක්ෂාවෙන් පළකළේ.
ගොඩක් ස්තූතියි එකතු කිරීම් සහා නිවැරදි කිරීම් වලට.
/ ඇමෙරිකාවේ නම් එහෙමම නැහැ. මෙහෙ පදනමේ තියෙන්නෙ නායකත්වය වැරදි කරනවා නම් නායකත්වය අයින් කරන්න කියලයි /
එහෙම කොහොමද අරුණි?..මෙන්න නියම සොල්දාදුව කියන්නෙ මේ වගේ අයට… 🙂
නියම සොල්දාදුව කියන්නෙ තමන්ගෙ උසස් නිලදාරිය අණ දෙනකල් බලා ඉන්නෙ කීකරු බලු කුක්කෙක් වගෙ. උසස් නිලදාරියගෙ අණ පරිදි හතුරට හෙල්ලෙං අනිනකොට ඇඟේ මාලු නටනව සන්තෝසෙං…එහෙම කරල ආයෙම උසස් නිලදාරිය දිහා බලනව ඔලුව වනනවද කියල. එහෙම ඔලුව වනනවනම් නියම සොල්දදුව වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. යුද බිමේ මැරෙන්ට වැටිල හිටියත් අන්තිමට එක ඇහැක් හරි ඇරල බලන්නෙ උසස් නිලදාරිය දිහා. උසස් නිලදාරිය ඔලුව වැනුවොත් සොල්දාදුවට වෙන මොකවත් ඕන නෑ. සැනසිල්ලෙ අස් දෙක පියාගන්න පුළුවනි.
– හුණු වටයේ කතාව – බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් – පරිවර්තනය – හෙන්රි ජයසේන
Ravi,
තමන් සපෝට් දුන්නු කොමියුනිස්ට් ආණ්ඩුවේ තාඩන පීඩන විඳ දරාගන්න බැරි තැනට ම ආවම, මේ විසඳුම (“Die Lösung”) දුන්නු මේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගැන නේද රවී කියන්නෙ!!!!
“ජූනි 17 වැනි දා විරෝධතාවයෙන් පසුව
ලේඛකයන්ගේ වෘත්තීය සමිතියේ ලේකම්
ස්ටාලින් වීදියේ පත්‍රිකා බෙදාහැර තිබුණි
එහි කියැවුනේ
ජනතාව විසින්
ආණ්ඩුවේ විශ්වාසය බිඳ දැමුවා කියාය
ආයෙත් එය දිනාගත හැක්කේ
වෑයම් දෙගුණයකින් වැඩි කිරීමෙන් කියාය
එහෙම නම් තත්වය
ආණ්ඩුවට වඩා පහසු නැද්ද
ජනතාව විසුරුවා හැර
වෙනත් ජනතාවක් පත්කර ගැනීම?”
සතුට හඹා යන්නට නොපසුබට මිනිසුන් සදා සිටීවා!!!!