ඇමෙරිකාවේ දුම්රිය මාර්ග සහ ස්ටේෂන් මුලින්ම හැදුවේ ආණ්ඩුවක් නෙමෙයි
1825 දී නීතිඥයෙක්, ඉංජිනේරුවෙක් සහ නවොත්පාදකයෙක් වූ ජෝන් ස්ටීවන්ස් නිව් ජර්සි ප්‍රාන්තයේ හොබොකන් හි විසූ ඔහුගේ ගිම්හාන නිවහන පිහිටි වතුයායේ රේල් පාරක් හදා දුම්රිය එන්ජිමක් අත්හදා බැලීය.
1827 දී බල්ටිමෝර් සහ ඔහායෝ රේල් කොම්පැණිය පිහිටුවන ලදි. දුම්රිය ප්‍රවාහනයට අනාගතයක් ඇතැයි කියා එහි ආයෝජනය කරන්නට අවදානමක් ගත් අය වෙතින් තවත් රේල් කොම්පැණි බිහිවිය.
එතෙක් ඇල දිය මාර්ග කපා ඒවායෙන් සිද්ධ වූ ප්‍රවාහනයට වඩා 1830-1860 ත් අතර කාලයේ දී රේල්ලුව ජනප්‍රිය විය. රේල් නැවතුම් සඳහා ගොඩනැඟිලි මහත් රාශියක් රට පුරා ඉදිකරන්නට ද පටන් ගැනිණ. 1853 දී ඉන්දියෑනාපොලිස් හි ඉදිවන “යුනියන් ස්ටේෂන්” යන්න ලෝකයේ ප්‍රථම ‘යුනියන් ස්ටේෂන්’ වෙයි. එය ඉදි කරන්නේ ටෙරා හොට සහ රිච්මන්ඩ්, මැඩිසන් සහ ඉන්දියෑනාපොලිස්, සහ බෙලාෆොන්ටේන් යනාදී රේල් කොම්පැණි එකතුවෙනි.
“රොබර් බැරොන්*” යැයි ලේබලයක් අලවා 19 වැනි සියවස අග හා 20 වැනි සියවසේ ධනවතුන් හඳුන්වමින් ඉතිහාසයට නව අර්ථකථනයක් දුන් වාමාංශිකයන් නොසලකා හරින වැදගත් සාධකය නම් ඇමෙරිකාවේ සමහර ධන කුවේරයන් වෙළඳපොල ව්‍යවසායකයන් වෙද්දී තවත් අය දේශපාලන ව්‍යවසායකයන් වූ බවයි. වාමාංශිකයන් විසින් මේ දෙගොල්ලන්වම එක ගොඩකට දමා දුප්පතුන් ගෙන් උදුරා ගත් ධනකූවේරයන් යැයි හංවඩු ගසති.
වෙළඳපොල ව්‍යවසායකයා යනු ධනවාදියෙකි. ඔහුගේ ආර්ථික ජයග්‍රහණය සාක්ෂාත් වෙන්නේ නව්‍ය වූ, වඩා හොඳින් වූ, අඩු වැයකින් වූ නිෂ්පාදනයක් නිදහස් වෙළඳපොලේ දී, ආණ්ඩුවකින් කිසිම ආකාරයක සහනාධාරයක් නොලබා, භාණ්ඩයක් හෝ සේවාවක් කැමැත්තෙන් මිල දී ගන්නා අයට විකිණීමෙනි. ඔහුගේ සාර්ථකත්වය පාරිභෝගිකයා සතුටු කිරීම මත රඳන්නකි. මන්ද ධනවාදී සමාජයක ආර්ථික තීරණ ගනු ලබන්නේ පාරිභෝගිකයා විසින් නිසාය!!!!
දේශපාලන ව්‍යවසායකයා යනු තමන්ගේ කර්මාන්තයට හෝ ව්‍යාපාරයට බලයේ ඉන්නා ආණ්ඩුවේ සහනාධාර ලබාගන්නට බලපෑම් කරන අයෙකි. තමන් හා තරඟ කරන අයට අලාභ සිද්ධ වෙන රෙගුලාසි හා පනත් ගෙනෙන්නට කටයුතු කරන්නෙකි.
ඒ කාලයේ මේ දෙකේම නියැළුන ධනවතුන් ඇමෙරිකාවේ සිටියහ. එහෙත් ඇමෙරිකාව සාර්ථක වූයේ වෙළඳපොල ව්‍යවසායකයන් නිසාය. දේශපාලන ව්‍යවසායකයන් ඉන්න ඕනෑම රටක් දුප්පත් වේ, දේශපාලන ව්‍යවසායකයන් ධනවත් වෙති.
වෙළඳපොල ව්‍යවසාකයෙක් වූ කොරනේලියස් වැන්ඩබිල්ට් ගැන කළින් ලියුවෙමි. මේ රේල් මාර්ග හැදූ ජේම්ස් ජේ. හිල් ගැනයි. ආණ්ඩුවකින් ලත් කිසිම ආකාරයක සහනාධාරයක් නොමැතිව, ආණ්ඩුවකින් right of way සඳහා පවා අයැදුම් නොකර, සැතපුම් සිය ගණනින් රේල් මාර්ග ඔහු ඉදි කළේ අත්පිට මුදල් (cash) ගෙවමිනි.
කොයි පංතියේ අයිඩියලොජියක් තමාට තිබිය යුතු යැයි ජේම්ස් දැන සිටියේ නැත!!!!! වයස 14 දී ඔහුගේ පියා මිය ගියේය. පාසැලෙන් ඉවත් වූ හෙතෙම සිල්ලර බඩු කඩයක මාසයකට ඩොලර් හතරක වේතනයට ශ්‍රමය වෙහෙසා සිය වැන්දඹු මව බලාගත්තේය. ගොවිතැන් කටයුතු, නැව්වල සේවය, සත්ව ලොම් වෙළඳාම යනාදී නොයෙක් ව්‍යාපාර වල ශ්‍රමය යොදවා කෙමෙන් කෙමෙන් මූල ධනයක් එක්රැස් කරගත්තේය.
ආදායම් බදු නොමැති කාලයක ඉතිරි කිරීම වඩා පහසු නැත් ද?!!!! 😀
අනතුරුව ජේම්ස් තමන්ගේ ශ්‍රමය වෙහෙසා ඉතිරි කරගත් මූල ධනය තම ව්‍යාපාර වලට ආයෝජනය කරමින් ඒවායේ කළමනාකරැවා වෙයි.
බංකොළොත් වූ මිනෙසෝටා රේල් කොම්පැණිය හවුලේ කට්ටියක් සමඟ මිල දී ගන්නා ඔහු වසර පහක දී එය පැසිෆික් වෙරළ දක්වා ගෙන යන්නට සමත් වෙයි. ඒක බංකොළොත් වෙලා තිබ්බෙ ආණ්ඩුවේ සහනාධාර වලින් හදපු උතුරු-පැසිෆික් රේල්ලුවේ කොටසක් වෙච්ච නිසා!!!!
හැම අංගයක්ම විමසා බලා කාලය හා මුදල් නාස්ති නොවෙන අන්දමින් රේල්ලුව ඔහු කාර්යක්ෂම කරයි. එසේ කරන්නට ඔහුට දැනුම ලැබුනේ ආණ්ඩුවක් අධ්‍යාපනයට මුදල් වෙන් කළ නිසා නොවෙයි. නොයෙක් තැන් වල ශ්‍රමය වෙහෙසා ලද අත්දැකීම් වලින් ඔහු අලුතින් යමක් ඉගෙනගත් නිසායි. ඉතින් පාරිභෝගිකයා යනු ධනවතාට මුදල් උපයා දෙන්නා නිසා ජේම්ස් තමන්ගේ රේල්ලුවේ පාරිභෝගිකයන් වන ගොවියන්ට, පතල්කරුවන්ට, දැව කපන්නන්ට, යනාදීන්ට අනෙක් ප්‍රවාහන මාර්ග වලට වඩා අඩු වියදමින් රේල් ප්‍රවාහන පහසුකම් සපයන්නට වෙහෙසෙයි.
“අපි ඔබ සමඟ සමෘද්ධිමත් වෙන්න ඕනෑ, නැත්නම් අපිට වෙන්නේ ඔබ සමඟ දුප්පත් වෙන්නයි.” -ජේම්ස් හිල්
ඉතින් එහෙම කියලා එයා නිකම් හිටියේ නෑ. ගොවියන් එකම වගාවක නියැළී පාඩු වින්ඳොත් කියා (දකුණේ කපු පමණක් වැවූ අය මෙන්) ඔහු බහු බෝග වගාවන් වල වැදගත්කම ඔහුගේ රේල්පාරවල් අසල ඉන්නා ගොවි ජනතාව දැනුවත් කරනවා. ඉඩෝර කාල වල දී සහ ආර්ථික අවපාත වල දී ඔහු නොමිලේ බීජ සහ නොමිලේ ගවයන් පවා බෙදා දීලා තියෙනවා. රේල්ලුවට බඩු පටවලා ගෙදර යද්දී අරගෙන යන්න දැව හා අනෙකුත් ඉන්ධන ස්ටේෂමේ නිතර ගොඩගසා තියනවා. රේල් පාර යන පැත්තේ තිබූ පාසැල්, උද්‍යාන හා පල්ලි වලට ඉඩම් තෑගි කරනවා. මස් වැඩියෙන්ම තියෙන ගවයා සහ වැඩියෙන්ම ධාන්‍ය ඵලදාවක් ඇති ගොවිපල යනාදී තරඟ පවත්වනවා. “මොඩල් ෆාම්” පිහිටුවා නවීන තාක්ෂණය හා කෘෂිකර්ම විද්‍යාව ගැන ගොවියන්ට දැනුම බෙදා දෙනවා. ගොවියන්ගේ ඵලදාව වැඩිවෙද්දී දුම්රිය ස්ථාන අසල ඒවා ගබඩා කරන්න ලොකු ගොඩනැඟිලි ඉදිකරනවා.
1886 සිට 1893 දක්වා ට්රාන්ස්කොන්ටිනෙන්ටල් රේල්පාර හදන ඔහු අනගි අමුද්‍රව්‍ය වලින් කල් පවතින රේල්ලුවක් සමඟ අර කරපු සමාජ සේවා සියල්ල හදමින් තමයි මහා ධනකුවේරයෙක් වෙන්නේ. තමන්ගෙ සල්ලි ආයෝජනය කරන නිසා ජේම්ස් හදන රේල් පාරවල් කෙටිම දුරෙන් නගරෙයන් අනිත් නගරයට යන්න හදන්නෙ. ආණ්ඩුවේ සහනාධාර ලබන රේල් පාරවල් සැතපුමකට ගෙවීමක් බැගින් ලැබෙන නිසා .. ඉතිරිය කියන්න ඕනෑ ද?!!!!! අනෙක් රේල් කොම්පැණි බංකොළොත් වුනත් ජේම්ස් ගේ ට්රාන්ස්කොන්ටිනෙන්ටල් හැමදාම දිව්වේ පාඩු නොවිඳ.
මේ පින්තූර වල තියෙන වොෂිංටන් ඩී.සී. වල යුනියන් ස්ටේෂම නිල වශයෙන් විවෘත වෙන්නෙ 1907 දී. ඒ පෙන්සිල්වේනියා රේල්රෝඩ් කොම්පැණියත් බල්ටිමෝර් සහ ඔහායෝ රේල්රෝඩ් කොම්පැණියත් එකතු වෙලා හදපු දුම්රිය ස්ථානයක්. ඒකෙන් වොෂිංටන් නගරය පුරා දුවපු ඔක්කොම රේල්පාරවල් එක ස්ථානයකට ගෙන ඒම සිද්ධ වුනා.
බිල්ඩිම හදන්න විතරක් මිලියන හතරක් ද, සම්පූර්ණ ස්ටේෂම නිම කරන්න මිලියන 25 ක් ද වැය වෙලා තියෙනවා. ඒ කාලේ අඩු වැයට සේවය සැපයූ ශ්‍රමිකයන් වූයේ ඉතාලියෙන් සංක්‍රමණය වෙච්ච අය. ඔවුන් දුම්රිය පෙට්ටි වල තමයි එය හදා නිම කරන තෙක් වාසය කරලා තියෙන්නෙත්. බැල්කනියේ තියෙන පුරාණ රෝම භටයන් මුලින් ම නිරුවතින් හදන්නලු අදහස් කළේ ඒත් මහජනතාව අකමැති වේවි කියලා විළිවැසිය යුතු තැන්වලට පළිහ තියලා!!! ඇතුලත දකින හැම ලී වැඩක්ම ඝන මැහොගනි වලින් හැදුනක්.
*The Truth About the “Robber Barons” යන පරිච්ඡේදය ලියා ඇත්තේ Thomas J. DiLorenzo ගේ How Capitalism Saved America (2005) යන ඉතිහාස පොතේ ය.
Very interesting. The USA is where it is today thanks to the entrepreneurs it had and thanks to the governments that encouraged entrepreneurship.
Nandasiri Wanninayaka,
ව්‍යවසායකයන්ට ස්තූති කරමු. “ව්‍යවසායකත්වයට දිරි දෙන ආණ්ඩුවක්” කිව්වම එය oxymoron නොහොත් විසංවාදී ප්‍රකාශයක් වෙනවා!!!! මොකද ආණ්ඩුවක් යනු ස්වභාවයෙන් ම ඇඟිලි ගහමින් මැදිහත් වෙන්නක් නිසා. ඇඟිලි ගැසීම් වලින් පැත්තකට වී පාඩුවේ ඉන්න දුන්නාම (laissez faire) තමයි ව්යවසායකයාටත් පාරිභෝගිකයාටත් නිදහසේ ගණුදෙනු වලට හැකියාව ලැබෙන්නේ. සීමිත බලතල ඇති අවම මැදිහත්වීම් වලින් යුතු ආණ්ඩුවක් කිව්වත් එයත් ලෙවියතන් රාක්ෂයෙක් විය හැකි ස්වභාවය අඩංගු වූවක්.
අක්කේ,
මහාචාර්ය තියඩෝර් ලෙවිට් අසූ ගණන් වල Harvard Business Review එකට ලිපියක් ලියමින් marketing myopia කියලා සංකල්පයක් හඳුන්වා දෙනවා.ඒකෙන් කියන්නෙ අපි යමක් කරද්දි ඒකේ සරල ඒත් එහාට ගිය දෙයක් දකින එක.කෙනෙක් කිව්වොත් මගේ ව්‍යාපාරය දුම්රිය සැපයීම කියලා ඒක ටික කාලෙකදි වැටෙනවා.ඒත් ඒකම කරන කෙනෙක් තමන් කරන්නේ ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම කියලා ඔහු දිගට ඉන්නවා.හේතුව ඔහු කලින් කලට ජනතාවට අවශ්‍ය නව පහසුකම් ව්‍යාපාරය තුලින් දෙනවා.මෙතන මේ වීරවරයත්(සාමාන්‍ය විග්රහයේදී මෙයා විරුවෙක් කියලා නොකියයි,ඒත් සරදියෙල් විරුවෙක්!!!!) ඉඳලා තියෙන්නෙ අන්න එතන වෙන්න ඕන.
magenama,
ජර්මනියෙන් ආපු සංක්‍රමණිකයෙක්. මහාචාර්ය ලෙවිට් තමයි ගෝලීයකරණය වචනයත් ජනප්‍රිය කරලා තියෙන්නෙ.
ඔව්, ඔහු නිවැරදියි. වර්තමානයේ දී ද එහෙම තමයි ඕනෑම ව්‍යාපාරයකට දීර්ඝ කාලීනව ලාබදායක පැවැත්මක් ලැබෙන්නේ. හේතුව යම් නිෂ්පාදනයක් ලොවට ලැබුනාට පස්සෙ කාලයක් යද්දී එය අඩු මිලට නිපදවන ක්‍රම ගොඩක් හොයාගන්න ලැබෙනවා අනිත් තරඟකරුවන්ට. ඊට පස්සෙ එයින් වෙළඳපොල ඉල්ලුම හා සැපයුම සමබර තත්වයකට ඇවිත් ලාබයත් ස්ථාවර තත්වයකට එනවා. වෙනත් ක්‍රම හා වෙනත් නිෂ්පාදන නිතර සොයා ගැනීමෙන් තමයි පාරිභෝගිකයාගේ ජීවිතය ද සරු වෙලා නිෂ්පාදකයාට ලාබයක් වැඩියෙන් හොයන්න ලැබෙන්නෙ. ඒ නිසාම තමයි ජීවිත බේරන වෛද්‍ය නිෂ්පාදන, දැනුම බෙදාහරින නව තාක්ෂණය යනාදිය ලොවට බිහිකරන්න දායක වෙන්න ආයෝජකයන්ට හැකිවෙන්න. නමුත් ඒවට කැමති නැති අය තමන්ට මිල දී ගන්න යැයි කිසිවෙක් බලහත්කාරකමක් කර නැති බව දකින්නේ නැතිව අපොයි මේ අලුත් දේවල් ගන්න මිනිස්සු මැරිලා සල්ලි හොයනවා කියල බැන බැන එයාලත් අලුත් දේවල් හනිකට අත්පත් කරගන්නවා!!!!!
ව්‍යාපාරිකයන් වීරයන් යැයි මම අදහස් කරන්නේ නැහැ. රටක තමන්ගේ පාඩුවේ වැඩ කරන්න හැකි ව්‍යාපාරිකයන් නැත්නම් ශ්‍රමය වෙහෙසන්න හා දැනුම වෙහෙසන්න හැකියාව ඇති අයට වගේම පාරිභෝගිකයාට අනගි නිෂ්පාදන ලබාගැනීමට මංමාවත් විවෘත නොවෙනවා පමණයි. ගණුදෙනු සමාජයක ව්‍යාපාරිකයා යනු ගණුදෙනුවේ යෙදෙන තවත් එක පුරුකක් විතරයි. ව්‍යාපාරිකයාගේ අරමුණ තමන්ගේ ලාබය වැඩි කරගැනීම. පාරිභෝගිකයාගේ අරමුණ ද අලාභ පාඩු නොවිඳීම. ඉතින් ඇඟිලි ගැසීම් වලින් තොර වෙළඳපොලක දී ඒ දෙදෙනාටම හැකියාව ලැබෙනවා අනගි නව නිෂ්පාදන වලට හිමිකම් කියන්න, ඒවා ලොවට දායාද කරන්න සහ තියෙන නිෂ්පාදන අඩුවට දෙන ක්‍රම හොයාගන්නට. ඒත් ලාබයක් හොයන්නෙ නැතිව සමාජයට සේවයක් කරන්න පුලුවන් යැයි හිතන මම හඳුනන ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු වැනි අය තවමත් ලෝකයේ සිටිනවා.
නෝනා, කහටගස්දිගිලියේ බස් ස්ටෑන්ඩ් එක හැදුවේ ආණ්ඩුවෙන්නෙ. ඒකට තවම දුවන්නෙත් ලංගම බස්නෙ.ප්‍රයිවට් බස් කාරයෝ ලාභ නෑ කියල යන්න කැමති නෑනෙ.දැන් මොකද එතකොට කරන්නෙ නෝනා කියන විදිහට ආණ්ඩුව අයින් කලාම.කහටගස්දිගිලියේ අපි කරත්ත වලින් යන්නද?
කහටගස්දිගිලියේ ගැමියා,
ලාබ නැතිව සේවාවක් කාට හරි සපයන්න හැකි ඒකෙ වැය කවුරු හරි කෙනෙක් ගෙවනවා නම් විතරයි. බස් වලට ඩීසල්, බස් කැඩුනම රෙපෙයාර්, අලුත් බස් ගන්න, බස් රියැදුරු හා කොන්දොස්තර මහත්තුරුන්ට පඩි ගෙවන්න යනාදී බස් සේවාවක් පවත්වන වැය වර්තමානයේ දී කවුරු ගෙවනවා කියලා ද හිතන්නෙ? ඒවා ගෙවන්නෙ තවත් කාලයක් පුරා ලයිට් බිල් ඉහළ ගිහින්, බඩු මිල ඉහළ ගිහින්, අඩු පහසුකම් ඇති අය හැටියට කහටගස්දිගිලියෙ ගැමියා විතරක් නෙමෙයි මුළු රටේම අය යාන්තම් කාලා ඇඳලා ජීවත්වෙමින්.
කහටගස්දිගිලියෙන් ජනාධිපතිවරයෙක් ආවොත් ඔන්න අන්තර්ජාතික ගුවන් තොටුපලක්, ඔය පොකුණක් මැද්දෙ වුනත් වරායක් හදාවි!!!! ඒත් එහෙම කරාම රට තවත් දුප්පත් වේවි!!!!!
ප්‍රවාහන පහසුකම් විතරක් නෙමෙයි ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සපයන්න ප්‍රයිවට් කොම්පැණි වලට තරඟ කරන්න ඉඩ දුන්නාම ඔවුන්ට ආණ්ඩුවෙන් ඇඟිලි ගැහිල්ලක් නැත්නම් සිය ව්‍යාපාරය කරගෙන යන්න හැකියාව ලැබෙන්නෙ පාරිභෝගිකයාට වැඩියෙන්ම අනගි භාණ්ඩයක් හෝ සේවාවක් අඩු මිලට ලබා දෙනවා නම් පමණයි. එතකොට රට දුප්පත් වෙන්න නැතිව, ණය ආධාර හොයන්න වෙන්නෙ නැතිව, තරුණ අයව පිටරට කඹුරන්න යවන්න වෙන්නෙ නැතිව කහටගස්දිගිලියෙ ගැමියන්ට ඕනෑ නම් බස් වලින්, ඕනෑ නම් තමන්ගෙ වාහන වලින්, කැමති අයට ඕනෑ නම් තමන්ගෙ කරත්ත වලින් එහෙමත් ගමට යන්න පුලුවන් තරම් ධනවත් වෙන්න හැකිවෙනවා. 😀
මට තාම පැහැදිලි නැහැ නෝනා.ආණ්ඩුව මුකුත් ඇගිල්ලක් ගහන්නෙ නැහැ කියල හිතමු.ඒ කියන්නේ කහටගස්දිගිලියට ලංගම බස් එකක් දාන්ඩ යන්නෙ නැහැ.ඒත් කහටගස්දිගිලියට බස් දාල ප්රයිවට්කාරයින්ට ලාභයක් ගන්ඩ බැහැ.ඊට වඩා උන්ට ලාභ වෙන වැඩ තියෙන නිසා උන් කරන්නේ ඒවට ආයෝජනේ කරන එක.එතකොට කහටගස්දිගිලියෙ මිනිස්සු ගමන් කරන්නෙ කොහොමද? හවස 6 න් පස්සෙ අනික මෙහෙ අලි එනව. අලි උවදුර වලක්වන්නත් ආණ්ඩුව තමයි මොනව හරි දෙයක් කරනව නං කරන්නෙ.කහටගස්දිගිලියෙ අපිට සල්ලි නැහැනෙ ඒවට එක එක ඒව කරන්න.මේ වගේ ප්‍රශ්න ගොඩයි අපිට. මට තේරෙන් නෑ ආණ්ඩුව එපා නම් කොහොමද මේව කරන්නෙ කියල???
කහටගස්දිගිලියේ ගැමියා,
ප්‍රවාහන පහසුකම් කියන්නෙ ඉල්ලුමක්. ඉල්ලුමක් තියෙන තැනක දී සැපයුමක් කරන්න කවුරු හෝ ඉදිරිපත් වෙනවා. දැන් තියෙන්නෙ කහටගස්දිගිලියේ ගැමියන් ආත්මාර්ථකාමී ලෙසින් තමන්ට රටේ අනිත් පැතිවල ද ජීවත්වෙන සියළු වැසියන් විසින් කහටගස්දිගිලියේ ගැමියාගේ ප්‍රවාහන පහසුකම් වලට සහනාධාර ගෙවන්න අවශ්‍ය යැයි එය අයිතියක් ලෙසින් අපේක්ෂා කිරීම. ආණ්ඩුවක් බස් එකක් දාන්නෙ නැත්නම් ඒ ප්‍රවාහන ඉල්ලුම සපයන්න පුද්ගලික අංශයේ කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒත් ආණ්ඩුව පුද්ගලික අංශයේ අයට කැමති ගාස්තුවක් අය කරන්න ඉඩක් දෙන්නෙ නැහැ. ඒ නිසයි කහටගස්දිගිලියට බස් දාලා ප්රයිවට්කාරයන්ට ලාභයක් ගන්න බැරි. ඉතින් ප්‍රයිවට් බස් දැම්මොත් වැඩිවෙන ගාස්තු ගෙවන්නට අකමැති ආර්ථමාර්ථකාමී කහටගස්දිගිලියේ ගැමියා තමන්ගේ ගමේ අනාගත පරම්පරාවල් සහ රටේ අනාගත පරම්පරාවල් එන්න එන්නම තව තවත් ණය බරෙන් පුරවනවා.
ප්‍රයිවට් බස් දුවන්නෙ නැත්තෙ ලාභයක් සොයා ගන්න බැහැයි කියද්දී ගැමියන් හිතන්නෙ ආණ්ඩුවෙ බස් දුවන්නෙ ලාභයක් සොයමින් කියල. නැහැ, පුද්ගලික අංශයට ලාභ සොයන්න බැරි නම් ඒ කියන්නේ ආණ්ඩුවේ බස් දුවන්නේ ද රට ණය බරෙන් පුරවමින්.
දැන් කහටගස්දිගිලියේ ගැමියන් අනුන්ගෙන් යදින හිඟන්නන් සේ ජීවත් නොවෙමින්, තමන්ගේ මැටි වළං වැනි නිෂ්පාදන අනගි බවින් අඩු මිලට වෙළඳපොලට ඉදිරිපත් කරන්නට සමත් වෙනවා නම් ඔවුන්ට හැකියි ඒ ලාභ වලින් තමන්ගේ ගමේම බස් සේවා ව්‍යාපාරයක් පටන් ගන්නට. ඒත් මැටි වළං කර්මාන්තය දියුණු කරන්නත් ආණ්ඩුවෙන් සහනාධාර ලබනවා නම් කිසිදාක ඔය වැටිලා ඉන්න “ලාභ සොයන්න නොදන්නා” වළෙන් ගොඩ එන්න දැනගන්නෙ නැහැ. ඕක තමයි සංවර්ධිත රටවල් වල හැමදාම සංවර්ධනය වෙමින් ඉන්නා රටවල් අතර වෙනස.
කහටගස්දිගිලිය හැමදාම කහටගස්දිගිලිය වෙලා තියෙන්නේ සහ කහටගස්දිගිලියේ ගැමියා තව අවුරුදු 5000 ගියත් කහටගස්දිගිලියේ ගැමියාම වෙලා ඉන්න හේතුව තමයි ආණ්ඩුවෙන් දෙන ඔය පිං බස් එක .
Uditha Meegahathenna,
ඔව් මෙහෙ කළු අයව නගරබද යම් පෙදෙස් වලට සහ තට්ටු මහල් ගොඩනැඟිලි වලට සීමා කරල තියෙන්නෙත් පිං දීමනා වලට වහල් කරගෙන. එහෙම කළාම ස්වභාවයෙන්ම ඇතිවන අවුල් තත්වය නිසා විසඳුම හැටියට තව තවත් පිං දීමනා දිය යුතුයි කියලා කෑ ගහන අයයි ඒත් වැඩි.
කහටගස්දිගිලියෙ ගැමියා දැන්වත් ඔය වවපු බඩ ඉරිඟු කරලක් කාරිය විකුනල ඩෙනිමක් කාරිය අඳින්න ආසනම් ටවුමට එන එක කරන්නම එපායැ…ඕන්න ඉතිං පොඩි වෑන් කටුවක් කාරිය කව්රුහරි එකෙක් එහෙට මෙහෙට දුවන්න ගනියි. අර ගැමිය ඉතං බකන්නිලන් ඉන්න අමු අපතයෙක් තම් වෑන් එක දාපු එකා ඇඹිලිපිටියට කෙහෙල් අදින්න දායි ඒක…
..