අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාවේ තනියම ගමන් යන ගෑණු උදවිය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 16, 2014

සංචාරකයන් ලෙස එන විදේශීය කාන්තාවන් ලංකාවේ දී කරදර වලට ගොදුරු වීම වළක්වන්නට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉහත විඩියෝ පටිය නිර්මාණය කර ඇත.

ලංකාවට එන විදේශීය කාන්තාවන් අතර කොටසක් සංස්කෘතික සම්ප්‍රදායන් නරඹන්නට හා පරිසරයේ සුන්දරත්වය අත්විඳින්නට එන අයයි. ඔවුන් අතර සමහර අය රාත්‍රී සමයේ මත්පැන් බීමට හා නැටුම් රසාස්වාදය සඳහා ගමන් බිමන් යෑම තම නිවාඩුවේ අනිවාර්ය අංගයක් සේ සලකති. බීමට හා නටන්නට පමණක් ලංකාවට බ්‍රිතාන්‍යයෙන් කාන්තා සංචාරකයන් එනවා යැයි කියත නොහැක. මන්ද ලංකාවට වඩා ඒවාට මනා පහසුකම් තිබෙන බ්‍රිතාන්‍යයට කිට්ටු රටවල් බොහොමයකි.

හමේ පාට කුමක් වුවත්, කාන්තාවන්ට රාත්‍රියේ දී බියක් නැතිව ගමන් බිමන් යන්නට සුදුසු වාතාවරණයක් ලංකාවේ ඇත්තේ තමන් දන්නා හඳුනන වාහනයකින් ගිහින් යන තැනට බහින්න හැකියාව ඇති සුලුතරයකට පමණකි. නොදන්නා ටැක්සියකින් රාත්‍රියේ දී තනියෙන් ගමනක් බිමනක් ගිහින් ඇති කාන්තාවන් කී දෙනෙක්ව මෙය කියවන ඔබ දන්නවා ද?!!!!

සැන් ෆ්‍රැන්සිස්කෝ ඇමෙරිකන් ෆුට්බෝල් කණ්ඩායමේ කොලින් රෑන්ඩ් කැපර්නික් බයිබලයෙන් පාඨ තම සිරුරේ ටැටූ ගසා ගත්තෙකි. ඒත් බයිබලය අදහන්නේ නැති අයත් ඔහුගේ ක්‍රීඩාවට ඇලුම් කරති. ජීසස් ටැටූ එකක් කකුලේ ඇති ජස්ටින් බීබර්ට ඒ පමණින් ජේසු අදහන අය ඉන්නා රටවලට පැමිණීමට තහනමක් නැත. එහෙත් බුදුන්ගෙ ටැටූ එකක් කකුලේ තිබි කාන්තාවක්ව බණ්ඩාරණායක ගුවන් තොටුපලේ දී ආපසු හරවා යැවූ බවට ප්‍රවෘත්තියක් කලකට පෙර ඇසුණි.

කකුලේ බුදු හාමුදුරැවන්ගේ ටැටූ එකක් තිබි පමණින් බුද්ධාගමට අපහාස වෙන්නේ කෙසේදැයි කියා බෞද්ධයෙක් වන මම තවමත් කල්පනා කරමි. ඒත් මේ දවස්වල බෞද්ධ යැයි කියාගන්නා ස්වාමීන්වහන්සේලා “බණ” කියන විදියට වශී වී සිටින සිංහල දේශප්‍රේමීන් බටහිර කුමන්ත්‍රණ වලින් තමන්ගේ ගැලවුම්කරුවන් වී ඉන්නේ ඔවුන් පමණක් යැයි අදහති.

ඒ නිසා බටහිර කුමන්ත්‍රණයක් සේ පෙන්වන්නට ඉංග්‍රීසියෙන් ලියන ලද්දක් සිංහලට පරිවර්තනය වෙන්නේ සිංහලයාගේ සංවේගී මනසට හසු වන්නටයි.

ලංකාව ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ දැනුම් දීම මෙසේයි. එහි women should take particular care නොහොත් කාන්තාවන් විසින් වැඩියෙන් පරෙස්සම් වන්න යන්නට අමුණා ඇති විඩියෝ පටිය ඉහත අමුණා ඇත.

ඒ ගැන සිංහලෙන් ලියැවෙන්නේ මෙසේය: “ලංකාවට යනවා නම් ගෑණු උදවිය තනියම යන්න එපා,” -බ්‍රිතාන්‍ය ජාතිකයන්ට උපදෙස්

දකුණේ සංචාරය කරද්දී යාල අභය භූමියට මහජනතාවට යා හැකි බවත් එහි යන්නේ නම් reputable නොහොත් වගකීමකින් යුතු සංචාරක කොම්පැණියක් භාවිතා කරන්න යැයි කියා තිබෙනවා මිසෙක අනෙක් පළාත් වලට වඩා වැඩියෙන් හැඟෙන “ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සංචාරයේ නිරත වීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස” කියා නැත.

බෙදුම්වාදයෙන් පිරිසක් තව පිරිසක් සමඟ ආරවුල් කරවා තම බලය වැඩි කරගැනීම ගෝත්‍රික මිනිස් හැදියාවකි. පරිනාමයට ලක් වූ ශිෂ්ඨ මිනිස් හැදියාව ඕනෑම ආකාරයකින් පිරිනැමෙන බෙදුම්වාදය ප්‍රතික්ෂේපයයි. වහල් ක්‍රමය නැති වූයේ හෝ යුදෙව්වන්ට හා අහිකුණ්ඨිකයන්ට ඇති අප්‍රසාදය ලොව නැති වූයේ නීති ගෙන ඒම නිසා නොව මිනිසා අවබෝධයක් ලබා ශිෂ්ඨ වූ නිසයි.

වෙනසකට ලක් නොවන මිනිස් ස්වභාවය නම් සත්‍යය සොයා ගැනීමට හැම විටම ඇති කුතුහලයයි. ඉන්පසු හැදියාව කුමක් වුවත් හරි ද වැරදි ද යන්න විමසීමට තම මොළයෙන් පුළුවන.

ස්වෝත්සාහයෙන් උපයන මුදලට වෙනකෙකුට අයිතියක් ඇත, හමේ පාට නිසා වැඩියෙන්/අඩුවෙන් ලැබිය යුතුය, කාන්තාවන්ට වැඩියෙන්/අඩුවෙන් ලැබිය යුතුය, යනාදිය කියන අශිෂ්ඨයන් ලොව හැමදාම සිටිනු ඇත. එහෙත් මොන විදියකට වෙස්වලාගෙන ආවත් බෙදුම්වාදය සමාජයට අහිතකර යැයි අවබෝධයෙන් එය ප්‍රතික්ෂේප කරන ශිෂ්ඨ මිනිසුන් කෙමෙන් කෙමෙන් වැඩිවෙන නිසා ලෝකය දියුණුවට පා තබයි.

හැදියාවට වඩා මිනිස් ස්වභාවය ඉස්මතු වේවා!!!

15 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on අප්‍රේල් 16, 2014 at 10:23 පෙ.ව.

    දකුණ ගැන කිව්ව හරි. මම අවුරුද්ද දවසේ බීච් එක ලඟ පාරෙ යද්දිත් දැක්ක අවුරුදු සතුට ඉහවහා ගිය උදවිය “සුද්දියන්ට” වාත වෙන හැටි. මහලොකු දෙයක් නූනත් පාඩුවෙ ඉන්න හිතාගෙන රටකට ආපු කෙනෙකුට ඒක කරදරයක්.

    • arunishapiro said, on අප්‍රේල් 16, 2014 at 7:43 ප.ව.

      රාජ් -රාජ්ගෙ නවාතැන-,

      දකුණ ගැන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය කිව්වෙ එකක්. සිංහලෙන් දාලා තියෙන ලින්ක් එක කිව්වෙ වෙන එකක්.

      දකුණ ගැන කිව්ව හරි කියද්දී රාජ් ඒ පැත්තෙ නිසා එහෙම දකිනවා. රට පුරා යන සංචාරකයා හැම පැත්තකම එකම විදිය බව දකින්න පුළුවන්. අඩු වැඩි වශයෙන් හැම තැනකම ඉන්නවා සුද්දියන්ට විතරක් නෙමෙයි කළු නංගිලාටත් වාත වෙන අය. කැළණිය කැම්පස් යෙහෙළියක් හිටියා බස් එක පිරුණු දවස්වල ඇතුලට යන්නෙ නැතිව අන්තිම පඩියෙ එල්ලෙන. මොකද මිනිස්සු පස්ස කොනිත්තනවා කියල. සුද්දියන්ට විතරක් නෙමෙයි පාඩුවෙ ගමනක් යන්න කැමති අපේම කාන්තාවන්ටත් ඒක කරදරයක්නෙ!!!

  2. […] ලංකාවේ තනියම ගමන් යන ගෑණු උදවිය […]

  3. Gayan Bandaara said, on අප්‍රේල් 16, 2014 at 11:33 ප.ව.

    “කකුලේ බුදු හාමුදුරැවන්ගේ ටැටූ එකක් තිබි පමණින් බුද්ධාගමට අපහාස වෙන්නේ කෙසේදැයි” Well why U can’t see it dishonors Lord Buddha? A tatoo in the leg or somewhere in the body?
    In near future you will try writing on it does not matter you can replicate Buddha’s image on items like carpets.

    • arunishapiro said, on අප්‍රේල් 17, 2014 at 8:13 පෙ.ව.

      Gayan Bandaara,

      බුද්ධාගම දන්නා අයෙක් ගස්, ගල්, පිළිම වලට වඳින්නේ නැහැ. ඒ වගේම බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක් කාපට් එකක දාලා ඒක පාගා ගෙන මිනිස්සු ගියා කියල එයින් බුදුන්ට හෝ බෞද්ධාගම අගෞරවයකට පාත්‍ර කරන්න හැකියාව ඇතැයි පිළිගන්නෙත් නැහැ. චාරිත්‍ර වලට නිග්‍රහ කිරීම සංස්කෘතික හැදියාවට කරන අගෞරවයක් වුනාට බුද්ධාගමට කරන අගෞරවයක් නෙමෙයි. වෙනස වැටහෙන්නේ බුද්ධාගම කුමක්දැයි වටහා ගත් අයට පමණි.

      • Suresh namale said, on අප්‍රේල් 26, 2014 at 12:59 පෙ.ව.

        ඔබ බුද්ධිමත් කෙනෙක් බව සැබෑවිය හැක. ඒත් සියල්ලන් දෙසම එම රාමුවේ සිට බැලීමට ඔබ උත්සුක නොවිය යුතුය. අපේ ජාතිය ආගම රකින්නට ශරියා නීති වැනි නීති නැත. ඒ නිසාවෙන් නිසියාකාර විනයක් රටතුල තිබීම අනිවාර්යවේ. රටේ සියලුම ජාතීන් සාමය පිළිබඳ එකම හැගීමෙන් සිටිනවා කියන රාමුවෙන්ද ඔබ ඉවත් විය යුතුය. මන්දයත් සමහර ජාතීන් හොර රහසේ සංවිධානය වන බව නොදන්නා සේය. ඒ වගේ ඉස්ලාම් ජාතීකයන්ට ඇමෙරිකාව වැනි බටහිර රාජ්‍ය තුළ කෙතරම් නම් අසාධාරන කම් සිදුවනවාද යන්න ඔබ නොදන්නවා නොවිය හැකිය. විචාරත්මක ලිපි ලිවීමෙදී ඒව නොකියා සිටීනම් ඒ සඳහා හේතු දැක්විය යුතු නොවේද?

        • arunishapiro said, on අප්‍රේල් 26, 2014 at 7:37 පෙ.ව.

          Suresh namale,

          මම බුද්ධිමත් ද නැද්ද යන්න වැදගත් මට පමණකි. මෙය කියවන අයෙකුට වැදගත් එයා බුද්ධිමත් ද නැද්ද යන්නයි.

          තමන් කරන වැරදි අනුන් කරන වැරදි සේ දැක්වීමට එනම් -සියල්ලන් දෙසම එම රාමුවේ සිට බැලීමට- ඔබ ද උත්සුක නොවිය යුතුය. සිංහල ජාතිය සහ බෞද්ධ ආගම රකින්නට ශරියා වැනි නීති නැති නිසා නිසියාකාර විනයයක් රටට අවශ්‍ය යැයි සිතන රාමුවේ හැම සිංහල බෞද්ධයෙක්ම හිර වී නැත.

          නිසියාකාර විනයක් පිළිපදින හැටි බුදුන් වදාරා තිබෙන්නේ පුද්ගලයාටය. නැතිව සමාජ කොට්ඨාශයක් තුල හෝ රටක් තුල මෙයාකාරයෙන් තිබිය යුතු කියා නොවේ. ඒ ඒ පුද්ගලයාට ස්වෝත්සාහයෙන් බෞද්ධාගම අවබෝධය හැකිවා මිසෙක සමාජ කොට්ඨාශයක් හෝ රටක් හැටියට පිළිපදින ආගමක් නොවේ බෞද්ධාගම.

          නැවතත්, මම නොකියූ දෙයක් කියුවා ලෙසින් ඔබ සලකයි. විවිධ ජන කොට්ඨාශයන් වෙතින් හැදුණු දේශයක එහි වාසය කරන සියල්ලන් සාමය පිළිබඳ එකම හැඟීමෙන් සිටිනවා යැයි සිතන බොළඳ රාමුවක මා හිර වී නැත. විවිධ ජන කොට්ඨාශ ජීවත්වෙන දේශයක ඒකීය පුද්ගලයන්ගේ ආර්ථික හා අධ්‍යාත්මික යන දෙපැත්තම මනා ලෙසින් වර්ධනයට ඉඩක් ඇත්තේ එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගෙනීමෙන් මිසෙක එකිනෙකාට අරියාදුවෙන් කටයුතු කිරීම නිසා නොවන බව යළි යළිත් පැහැදිලිව ඔප්පු කරන්නේ ලෝක ඉතිහාසයයි. එය අනවබෝධය නිසා හැම විටම පරාජයට පත්වූයේ වැඩි පංගුවට අයිතියක් තමනට ඇතැයි සිතූ ජන කොට්ඨාශයයි.

          //ඒ වගේ ඉස්ලාම් ජාතීකයන්ට ඇමෙරිකාව වැනි බටහිර රාජ්‍ය තුළ කෙතරම් නම් අසාධාරන කම් සිදුවනවාද යන්න ඔබ නොදන්නවා නොවිය හැකිය. විචාරත්මක ලිපි ලිවීමෙදී ඒව නොකියා සිටීනම් ඒ සඳහා හේතු දැක්විය යුතු නොවේද?// මගේ බ්ලොගය තුල ඕනෑ තරම් ඒවා ගැන විචාරාත්මක සටහන් පළ කර ඇත්තෙමි. නිදසුන් කිහිපයක් පහත දමන්නම්. අනිකුත් ඒවා උවමනාවක් ඇත්නම් සොයාගෙන කියවන්න.

          දැනුම කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් මාලනී

          කටාරයේ විලාසිතා ගැන විවාදයක්

          හැඟීම් වලට ඉඩ දෙන ගෝත්‍රික හැදියාවෙන් බිහි වූ සංක්‍රමණික බ්‍රිතාන්‍ය ගැටුම්

          හැඟීම් වලට ඉඩ දී මහා අවුලක හිර වී සිටිනා යුරෝපීයයන් .. හෙට ලංකාව ඊට වඩා දරුණු වෙයි ද?

          සංක්‍රමණික ප්‍රංශ ගිණිකෙළි

          ලාහෝර් හි බූරුවා

          ප්‍රචණ්ඩත්වයට බිය වීම ඉවසීම නෙමෙයි

          බුද්ධිමතුන්ගේ වේදිකාව මෝඩයන්ගේ සල්ලි වී ඇති යුගයකි මේ

          • Suresh namale said, on අප්‍රේල් 27, 2014 at 2:14 පෙ.ව.

            ඔබගේ ආගම කුමක්ද යන්න මා නොදනිමි. නමුත් ඔබ ආගමක් අදහන්නේ ඔබගේ දෙමාපියන් හෝ ඔබගේ සමජය එය අදහන නිසාවෙනි. ඔබ මුස්ලිම් ජාතිකයෙක් නම් ඔබගේ ආගම අනිවාර්යයෙන් ඉස්ලාම් විය යුතුය. ඔබ පොත පතින් ඉගෙනගත් ආගමක් අදහන්නේනම් ඔබගේ තර්කය සාදාරනය. බුදු හාමුදුරුවන් ඔබ කී ලෙස කීවද මිහිදු හාමුදුරුවන් එදා බුද්ධාගම අප රටට නොගෙනාවනම් ඒ උතුම් ධර්මය අද අපට නැත. ඒ වගේම ඉංග්‍රීසී ආක්‍රමන කාලයේ අපේ හාමුදුරුවන් ආගම හා සිංහල ජාතිය ‍රැක ගැනීමට දිවි හිමියෙන් කටයතු කර තිබේ. එම ධරමය උතුම් ධර්මයක් ලෙස මා පිළිගන්නා හෙයින් අප රටේ ඉදිරි පරම්පරාවට එම දහම ආරක්ෂා කොට ලබාදීම මගේ යුතුකමකි. ඒ සඳහා රටේ බුදු දහම සඳහා විනයක් ඇතිවිය යුතුය.

            ඔබගේ සාමුහික හැගීමක් පිළිබඳ තරකය මාත් පිළිගනිමි. එහෙත සිංහල ජාතිය අබිබවා යන ජාතින් සිටියදී ඔබට සිංහලුන්ගේ නැගී සිටීමේ වැ‍රැද්ද පෙනීම අවාසනාවට කරුනකි.

            බටහිර රටවලට වඩා රාගික හැගීම්, ආසීයාවේ මිනිසුන්ගේ ගැහැණු පිරිමි බෙදයකින් තොරව වැඩිබව විද්‍යාත්මක හේතු සහිතව පිළිගත් මතයකි. ගැහැණුන්ගේත් රාගික බව වැඩි වුවද එයින් වද විදින්නේ ගැනිණියම බව පිළිගනිමි. නමුත් අතීතයේ කාන්තාවට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යෑමට පුලුවන් වුවද අද එසේ නොවීමට තරම් සමාජය අද පිරිහී ඇත. ඒ සඳහා කාන්තාවද වගකිය යුතු බව ඔබ පිළිනොගන්නේද? ඒවට අතීතයෙන් පිළිතුරු සෙවීමට දැන් ප්‍රමාදය. එලෙසින් දවසක සිංහල ජාතිය පිළිබඳවද අපට පසු තැවීමට සිදු නොවනු ඇත. ඒ බුදු දහමට අනුව අපි වෙනත් ජාතිකයකු ලෙසින් ඉපදී සිටිනු අති හෙයිනි. නමුත් නිවන් මාර්ගයට යන මග කියාදෙන බුදු දහම එදාට නොතිබෙනු ඇත.

            • arunishapiro said, on අප්‍රේල් 27, 2014 at 1:32 ප.ව.

              Suresh namale,

              මම බෞද්ධයෙක්මි, බෞද්ධාගම මම අදහන්නේ නැත. එය දිනපතා ජීවිතය යහපත් කරගන්නට උපයෝගී කරගන්නවා පමණි. එය සිංහල බෞද්ධ දෙමව්පියන්ට දාව උපන් නිසා දායාද වූවත් වර්තමානයේ වාසය කරන සමාජයේ බහුතරයක් අදහන්නක් නොවේ. එසේම මගේ සැමියා දෙමව්පියන් වෙතින් හා ඔහු හැදුණු වැඩුණු සමාජයෙන් දායාද වූ ආගමක් අදහන්නේ නැතිව, මිහිඳු මහරහතන් වහන්සේ නොවැඩි ඇමෙරිකාවේ වාසය කරමින් බෞද්ධාගම එදිනෙදා ජීවිතය යහපත් කරගන්නට උපයෝගී කරගන්නා අයෙක් බව සතුටින් දන්වමි!!!!

              //ඒ වගේම ඉංග්‍රීසී ආක්‍රමන කාලයේ අපේ හාමුදුරුවන් ආගම හා සිංහල ජාතිය ‍රැක ගැනීමට දිවි හිමියෙන් කටයතු කර තිබේ.// සිංහලයා බනින පරසුද්දා මෙයාකාරය

              ඔබ නිර්වචනය කරගන්නා බුදු දහම ආරක්ෂාවට ඔබේ කැපවීම ගැන මට කිසිත් ප්‍රශ්නයක් නැත. මන්ද ඔබ බුදු දහම යැයි අදහන්නා වූව සඳහා විනයක් රටේ ස්ථාපිත කරන්නේ ද රටට පැමිණීමෙන් වැළකී සිටීමට මට පුළුවන!!! එසේම ඔබේ නිර්වචනය වැරදි මන්දැයි මෙවැනි අන්තර්ජාල සටහන් වලින් රටට නොපැමිණ ලිවීමට ද මට පුළුවන!!!!

              ලෝක ඉතිහාසය කියැවීම විනෝදාංශයක් කරගෙන ඉන්නා මට එක ජාතියක් අභිබවා යන තවත් ජාතියක් තවම දකින්නට ලැබී නැත. එහෙත් ආර්ථික සමෘද්ධිය සහ අධ්‍යාත්මික දියුණුව සලසා ගන්නට භූගෝලීය සහ සමාජයීය හැදියාවෙන් මනා වරප්‍රසාද හිමිව උපන් සිංහල බෞද්ධයන් අතර වැඩියෙන් හඬ දෙන සුළු පිරිසක් නියැළෙන මෝඩකම් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද දකින්නට සිද්ධ වීම ගැනත්, ඒ හේතුව නිසාවෙන් සමස්ත සිංහල බෞද්ධයන්ට තවත් මහත් කාලයක් දුක් විඳින්නට සිද්ධ වීම ගැනත්, සැබැවින්ම කණගාටු වෙමි.

              ආසියාතික පිරිමියා රාගික බවෙන් තොර වූවෙක් යැයි තමයි ප්‍රසිද්ධ මතය!!!

              ඕනෑම සමාජයක් පිරිහෙන්නේ තම නිවන් මාර්ගය තමන් සොයනවා වෙනුවට අනුන් නිවන් යන හැටි ගැන තීරණය කරන අය වැඩිවෙන විටයි.

              ඒකීය පුද්ගල අයිතීන් මොනවා දැයි පහදා ගත් පුනරුද යුගය සිංහල බෞද්ධයන්ට සම්පූර්ණයෙන්ම මඟහැරී යාම ගැන වැරැද්දක් කිව නොහැකි වුවත් (ඔවුන්ගේ නායකයන් ඔවුන්ව රැවටූ නිසා), ඒත් බුදුන් වදාළ ධර්මය කුමක්දැයි අමතක කර තමන් බෞද්ධයන් කියාගන්නා අයට නම් සමාව දිය නොහැකියි.

  4. magenama said, on අප්‍රේල් 16, 2014 at 11:37 ප.ව.

    අසහනය..අසහනය. සහනය පතා අසහනයම වැළඳ ගැනීම

  5. Gold fish said, on අප්‍රේල් 17, 2014 at 10:58 පෙ.ව.

    ලංකාව ගැන හොඳ කියන අතරේ, දැන් දැන් රටවල් කීපයකින්ම ලංකාවේ සංචාරය කරන අයට පොඩි පොඩි අවධානම් තත්වත් දැනුම් දීලා තියෙනවා. මිනිස්සුන්ට මොකද්දෝ වේගෙන එනවා.

  6. amalpasanna said, on අප්‍රේල් 19, 2014 at 1:23 පෙ.ව.

    සංචාරකයො හරවල යවනව වගේ ඒව නම් ඉතිං ගොං ඔලමොටල කං තමයි. ඒත් බයිබලයෙන්
    පාඨ සිරුරේ ටැටූ ගහගෙන ඉන්න එකයි බුදු හාමුදුරැවන්ගේ රූපෙ ගහන එකයි සමාන
    නැහැ නේද? ජේසුස් වහන්සේගෙ රූපෙයි ත්‍රිපිටයේ ගාථා සිරුරේ ටැටූ ගහගෙන
    ඉන්න එකත් සමාන නැහැ නේද?
    *ආර්ථික ගැටලුවක් තියනව යුරෝපීය ජාතීන්ගේ මූලිකත්වයෙන් යම් රටකට ඇතුල්
    වෙලා අදාල රට යටත් කරගෙන උදා:එංගලන්තය (Australia, Newzealand) නිවැරදි
    සහයෝගය උදා:ඇමරිකාව (South Koria,Japan) වගේ රටවල් අනෙත් ආසියා, අප්රිrකා
    රටවල් වලට වඩා ආරථික දියුනුව, ස්ථාවරය සහ ජීවත් වෙන්න සුදුසු තත්වයක
    තියනව නේද? මෙය යුරෝපීය ජාතීන්ගේ සුවිශෙෂී දෙයක්ද? නැත්නම් ආසියානුවො
    ආරථිකයට වඩා අධ්යාත්මික දියුනුව ගැන හිතුව නිසාද?

  7. Fabian de Alwis Gunasekare said, on අප්‍රේල් 20, 2014 at 11:04 පෙ.ව.

    It is all too well that they advertise to excise caution. When the locals do not even care about their own, will they care about a foreigner? The majority of Sri Lankan people are of a very distorted mentality that is very narrow and strait in certain matters such as these. Being a Banker at a leading local bank I come across people every other day that I can only label as psychotics considering certain aspects.

    As for the matter on tattoo’s, I believe what is inside the person is what truly matter. Sri Lankans can be true hypocrites when it comes to Buddhism: defend and become aggressive but never an ounce of practice.

    Well written. Kudos.


ප්‍රතිචාරයක් ලබාදෙන්න