අරුණි ශපීරෝ‍ වෙතින්

චීන කොමියුනිස්ට් පක්ෂය රවටන්නට සමත් වූ ඩෙන්මාක් තරුණයන් දෙදෙනා

Posted in Uncategorized by arunishapiro on මාර්තු 2, 2021

“චීන කොමියුනිස්ට් පක්ෂය රවටන්නට ඩෙන්මාක් තරුණයන් දෙදෙනෙක් සමත් වූණා කියල අපි කියනව,” 25 වියැති තෝමස් රෝඩන් (Thomas Rohden) සහ ඔහුගේ මිත්‍රයා වූ ඇන්ඩර්ස් ස්ටෝගාඩ් (Anders Storgaard) හොංකොං සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ විරුද්ධ පාක්ෂිකයෙක්ව රටින් පිට කරගන්නට සමත්වීම ගැන පසුගියදා වෝල් ස්ට්‍රීට් | මතය හි එලෙස ඔවුන් කියන ලදැයි පළකරන තිබුණි.

මෙහි “දරුවන් 669 ක් බේරාගත් වීර පුරුෂයා මිය යයි” සිරස්තලයෙන් 2015 දී පළකල සටහන ඔබට මතක ඇති. ඔහු එදා 29 හැවිරිදි ලන්ඩනයේ විසූ තරුණයෙකි. ජර්මන් යැයි සැලකීම ප්‍රතික්ෂේප කරමින් නාට්සීන් විසින් යුදෙව්වන්, අහිගුණ්ඪික ජනතාව මරා දැමූහ, වැඩකඳවුරු වෙත යැවූහ. වර්තමාන චීන කොමියුනිස්ට් පක්ෂය ද, වීගර්ස් (Uyghurs/Uighurs) නමැති ජන කොට්ඨාශයට සලකන්නේ එයාකාර වූ ලෙසකිනි. වීගර්ස් වාර්ගිකයන්ව වැඩකඳවුරු තුළට දැමීමත්, වීගර්ස් කාන්තාවන්ව බලාත්කාරයෙන් වඳ භාවයට පත් කිරීමටත් විරුද්ධව ගැන කතා කරන අයට ලොකු ප්‍රසිද්ධියක් නැත.

චීනය විසින් හොංකොං වෙත දක්වන දක්වන ප්‍රචණ්ඩත්වයන්ට විරෝධය පෑම ඒ කුඩා භූමියේ වැසියන් දැඩි කැපවීමකින් කරගෙන ගියහ. නිදහස අවංකවම අගයන රටවල් මොනවාදැයි කියා අයෙකුට දැනගන්නට අවශ්‍ය නම් හොංකොං විරෝධතා කටයුතු කරන අයට යම් සැනසිල්ලක් ලැබෙන ප්‍රතිපත්ති ගෙනෙන ලද රටවල් මොනවාදැයි කියා සොයා ගත යුතුයි.

ඩෙන්මාක් හි පිහිටන “චීනය විවේචනය කිරීම සඳහා පිහිටුවන ලද ඩේනිශ් සමාජය” නියැළී ඉන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මානුෂීය අයිතීන් උල්ලංඝණ ගැන සොයා බැලීමටයි. වෙනස් දේශපාලන පක්ෂ දෙකකට අයිති, ඩෙන්මාක් රෝඩ්ස් සහ ස්ටෝගාඩ් මෙම සමාජයේ සාමාජිකයන් වෙති. ඔවුන් ටෙඩ් හුයි (Ted Hui) නැමති ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ වෘත්තිකයා සමඟ සබඳතා පැවැත්වූහ. තමන්ව සහ තම පවුල ගැන සෝදිසියෙන් සිටින අමුත්තන් දැකගන්නට හුයිට හැකිවිය. කිහිප වතාවක්ම හුයිව අත් අඩංගුවට ද ගැනිණ. ඇප තබා එයින් ගැලවෙන්නට ඔහු සමත් වුවත්, පසුගිය ගිම්හානයේ පනවන නව නීතිය, එනම් ජාතික ආරක්ෂාව යටතේ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් දැක්වීම තහනම් වීම යටතේ ඔහුව අත් අඩංගුවට ගැනේවි යන සැකය මතු වී තිබිණ.

මේ තරුණයන් තිදෙනා චීන කොමියුනිස්ට් පක්ෂය රවටන උප්පරවැටිය පටන් ගැනෙන්නේ එහි දී ය. ඩෙන්මාක් හි දී දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් පවත්වන සම්මන්ත්‍රණයකට සහභාගී වීමට කියා හුයි රටින් පිටකරගන්නට ඔවුන් පොටක් පාදා ගනිති. කලින් පරිසර කමිටුවක නියෝජිතයෙක් ලෙසින් හුයි කටයුතු කර තිබීම නිසා ඒ ගැන වැඩි අවධානයක් නිසිබලධාරීන් වෙතින් එල්ල වී නොතිබුණි.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඩෙන්මාර්ක් හරහා බ්‍රිතාන්‍යයට යන්නට සමත්වෙන ඔහු තමන් දේශපාලන සරණාගත බව සොයන බව දැනුම් දුන්නේ ය. එහි දී ඔහුගේ බැංකු ගිනුම් සහ ක්‍රෙඩිට් කාඩ් පත් සියල්ල තහනම් විය. කොමියුනිස්ට් රටවල් වලින් පලා යන්නට එහි වැසියන්ට අවසර නැත්තේ මන්ද?

රෝඩන් හා ස්ටෝගාඩ් දෙදෙනා හුයි වෙත සාවද්‍ය ආරාධනාවක් ලබා දීම නිසා ඔවුන් හොංකොං අපරාධ නීතිය යටතේ වරදකරුවන් බවට වූහ. ඔවුන් කවදා හෝ හොංකොං වෙත යන්නේ ද ඔවුන්ට නඩු පවරා දඬුවම් කරන්නට හොංකොං රජයට හැකියි.

මෙයින් හොංකොං සහ ඩෙන්මාක් අතර නිල සබඳතා යම් තරමකට අපහසු තත්වයකට වැටී තිබුණත් ඩෙන්මාක් රජය චීනය හා වෙළඳ ගනුදෙණු දිගටම පවත්වන්නට සමත්ව සිටියි. රෝඩන් සහ ස්ටෝගාඩ් ආරම්භ කළ, හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන් තව දුරටත් දිගටම කරගෙන යන බව, ඔවුන්ගේ වෑයම් වලට වසරක් ගෙවී යද්දී ඔවුන් ලොවට දන්වා සිටිති.

“සතුටේ රහස නිදහසයි…නිදහසේ රහස එඩිතරබවයි.” -තුසිඩිඩීස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

<span>%d</span> bloggers like this: