ශ්රෝඩින්ගර් පූසා
මහත් ජයග්‍රහණයකි. අපි එකිනෙකාට පුද්ගලික පහර දීම් අභිබවා යමින් සෙවිල්ලට හිත යොමු කරමින් සිටිමු. සීමා බාධක බොහෝ ය. නමුත් එපමණින් එය නොකර මුළුගැන්වී සිටිනු නොහැකි නිසා තවත් පියවරක් ඉදිරියට.
විචාරයට ඇති දෑ විශ්වය සේ ම, මිනිසා සේ ම සංකීර්ණ ය, ඉමහත් ය. මගේ බ්ලොග් අඩවිය නිසා, මා විසින් මාතෘකාව ඉදිරිපත් කරද්දී තනි පුද්ගල බලය යොදා ගැනේ. එක සටහනක් කිසිසේත් ම ඒ ඒ මාතෘකාව හෝ ඒ ඒ විෂය ගැන කෙරෙන එකම හෝ අන්තිම සටහන නොවෙයි. විවිධ පැතිකඩ වලින් විචාරයට පසුව එම මාතෘකාව හෝ විෂයය ද මගේ තනි පුද්ගල බලයේ සන්තුෂ්ටිය උදෙසා ගැනෙනු ඉඩ ඇත!!
සෑම් හැරිස් ලියන ලද The Moral Landscape (2010) පොතෙන් අදහසක් අද විමර්ශනයේ යෙදේ. හැරිස් කතා කරන්නේ විද්‍යාවට මනුෂ්‍ය අගයන් තීරණය කළ හැකි යයි කියාය. ඔහු වෘත්තියෙන් නියුරෝවිද්යාඥයෙකි. හාව්කින්ස් හා ම්ලොඩිනොව් දෙදෙනා භෞතික විද්‍යාවෙන් ගත් උත්සාහයට සමාන වෑයමක් ඔහු ජීවවිද්‍යාව පැත්තෙන් ගන්නේ ය. ජීවවිද්‍යාවේ අතුරු විෂයයක් ලෙස ව්‍යාප්ත වූ මොළය හදාරන්නෝ නියුරෝවිද්යාඥයෝය. මෙහි දී ඔවුන් හදාරන්නේ ජීවවිද්‍යාත්මකව පැහැදිලි කරත හැකි මොළය වෙති. ඔවුන් ඉන් එපිටත ඇතැයි සැලකෙන මනස හදාරන්නෝ නොවෙති.
ඔහු ඉදිරිපත් කරන සම්පූර්ණ ආචාර ධර්ම පද්ධතිය පැහැදිලි කරත හැකි පදනම් ප්රස්තුතය වනාහී: මනුෂ්‍යයාගේ සුභ සිද්ධිය සහමුලින් ම රඳා පවතින්නේ ලෝකයේ සිද්ධීන් මත සහ මිනිස් මොළයේ තත්ව මත ය; While the argument I make in this book is bound to be controversial, it rests on a very simple premise: human well-being entirely depends on events in the world and on states of the human brain.
මෙහි දී ඔහු මිනිස් මොළය පාවිච්චි කරයි. මනස යන්න පාවිච්චි නොකරයි.
මෙහි දී ඔහු තත්ව (states) යන්න පාවිච්චි කරයි. ස්වභාවය (nature) පාවිච්චි නොකරයි. මිනිස් මොළයට තවත් පරිණාමය වන්නට ඉඩකඩ ඇතිබව බැහැර නොහරියි.
මිනිස් මොළය ගැන විද්‍යාත්මක සත්‍යයන් අද සොයාගෙන ඇත. තවමත් සොයමින් ද සිටිති. විස්තරාත්මක වූ මේ විද්‍යාත්මක සත්‍යයන් තුලින් විවිධ පුද්ගලයෝ, විවිධාකාරයෙන් එකිනෙකා හා සමාජයේ ජීවත්වීමත්, සමහර ආකාර හොඳට හා නරකට ක්‍රියාකරන ආකාරත්, සමහර ආකාර දත්ත පෙන්වන සත්‍යයට අනුකූල ආකාරයත්, සමහර ආකාර ආචාර ධාර්මික බවත් දකිනු හැකි යයි හැරිස් පෙන්වා දෙයි.
මේ (විද්‍යාත්මක) දැනුම ගවේෂණයෙන් ලැබෙන සත්‍යයන් වලින් පැහැදිලිව ම මනුෂ්‍ය ජීවිතයේ අනගි (quality) බව වැඩි දියුණුවට ආධාර කරගත හැකි බවත් කියයි.
මා විචාරයට ගන්නේ ඉහත පදනම ඇකඩමියාවේ වාදය නතර වී මිලියන ගණනින් වූ ජනතාවගේ ජීවිතයට බලපාන තෝරාගැනීම් ඇරඹිය හැකි ස්ථානය යයි ඔහුගේ කියමන ය. එය එසේ යැයි පෙනෙන එහෙත් එසේ නොවන (ඊනියා) පදනමක් නිසා එය පැහැදිලි කරගන්නා තෙක් අපට එතැනින් ඉදිරියට යා හැකි ද?
තවත් ආකාරයකින් කිවහොත් මොළය හා මනස අතර ඇති සම්බන්ධය පැහැදිලි නොකර, මනස මොළයේ ඇතැයි හෝ නැතැයි කියා විචාරය බැහැර ලා, මොළයට සියල්ල අන්තර්ගත යැයි සාකච්ඡා කරනු හැකි ද?
විඥානය මොළයේ ක්‍රියායනයක් ද? (Is Consciousness a Brain Process?) යන මැයෙන් ලිපියක් ලියැවෙන්නේ U. T. Place නැමැති බ්‍රිතාන්‍යයේ උපන් ඔස්ට්‍රේලියාවේ වසන මනෝවිද්‍යාඥයා විසින් British Journal of Psychology 47 (1956), pp. 44–50 හි ය. චර්යාවට මානසික තත්වයන් පැහැදිලි කරත නොහැකි ය, නියුරල් තත්වයන් මඟින් පමණක් මානසික සිද්ධීන් පැහැදිලි කළ හැකි යයි ඔහු කියයි. ඔහු සමහර චර්යානුවාදී (behaviourism) ආකල්ප උපලබ්ධික (cognitive) සංකල්ප පමණකින් පැහැදිලි කළ හැකිය යන්නට එකඟ ය.
හර්බට් ෆේගල් Minnesota Studies in the Philosophy of Science: Concepts, Theories, and the Mind-Body Problem, Volume II හි The ‘Mental’ and the ‘Physical’ පළ කරන්නේ 1958 දී ය. ඔහු විඥානය තනිකරම මොළය සිදුකරන ක්‍රියායනයක් විය නොහැකි ආකාරය පෙන්වා දෙයි.
අද දිනයේ දන්නා නියුරෝන විද්‍යාව සැලකිල්ලට ගනිමු. මගේ මොළයේ යම් සිතුවිල්ලක් හටගන්නේ ද, ඒ හටගන්නා සෑම විටෙක දී ම මගේ මොළය රසායනයක් නිෂ්පාදනය කරයි. ඒ රසායනය හැඟීම් හා වෙනත් ප්‍රතිචාර ශරීරයේ ඇති කරයි. මගේ ශරීරයේ සෛල ලේ ප්‍රවාහන පද්ධතිය ආධාරයෙන් මේ රසායන ගලා යැවීමට හුරු පුරුදු වී ඉන් මගේ මොළය නාවන්නට සමත් වෙයි. මේ ක්‍රියාවලියට බාධා පැමිණීම නිසා විඥානයෙන් ද (conscious) භවාංග සිතෙන් ද (subconscious) මගේ මොළය බාධාව ජය ගැනීමට, නැතහොත් රසායන ක්‍රියාවලිය නැවත සමබර කරගන්නට වෙර දරයි.
රසායනික මට්ටමෙන් අපේ චින්තනය නියුරෝට්රාන්ස්මිටර්ස්, පෙප්ටයිඩ් හා හෝර්මෝන වලින් ක්‍රියා කරති.
සිතුවිල්ලක් හටගනිද්දී, නියුරෝට්රාන්ස්මිටර්ස් වැඩ කරන්නේ සිනැප්ටික් අවකාශයේය. ඊට වූ සංකල්පය හෝ මතකය ඇති පැත්තට නියුරල් දැල් අවුළුවා සබඳතා ඇති කරයි.
ඕනෑම මතකයක ආවේගයක් ද ඇතුලත් ය. ඒවා පෙප්ටයිඩ් රසායනිකව නැවත උත්පාදනය කරයි.
මොළයේ හයිපොතැලමසය නිකුත් කරන පෙප්ටයිඩ් හා ගලනා හෝර්මෝන මනියි. මොළයෙන් රුධිරය මඟින් ශරීරය පුරා ප්‍රවාහනය කරන රසායන අවයව, පටක හා සෛල යනාදියට පෙප්ටයිඩ් උරාගන්නටත් හෝර්මෝන ශ්රාවයටත් සහාය දෙයි. එතැනින් නඟින බහින හෝර්මෝන මට්ටම් නැවත මොළයට තොරතුරු යවයි.
ක්‍රියාකාරී නිරෝගී මොළයක් ඇති හැමදෙනාම මේ ක්‍රියාවලියේ යෙදෙනා අය වෙති. අපගේ සිතේ නළියන සිතුවිලි ගැන වඩාත් ම හොඳින් දන්නේ කවුරුන් ද? මගේ අතේ කටුවක් වැදීම නිසා දැනෙන වේදනාව ගැන වඩාත්ම දැනුමක් ඇත්තේ කාට ද?
මගේ සිතුවිල්ල කොහේ හෝ තැනක (space) පවතින්නක් ද? ඊට ස්කන්ධයක් (mass) තිබේ ද? චින්තනය යම් ශක්තියක් (energy) මඟින් ලබා (possess) නිෂ්පාදනයෙන් (produce) හෝ භාවිතයෙන් (consume) කෙරෙන්නේ නම් ඒ ශක්තිය කුමක් ද?
යම් සිතුවිල්ලක් හටගන්නා වූ ප්රේරකයකට (trigger) එකම විදියකට ප්‍රතිචාර හැම දෙනාම නොදක්වන්නේ ඇයි?
ආවේග, හැඟීම්, ප්‍රාජක (drive) සංවේදී ප්‍රතිචාර සියල්ල තුලින් රසායනික ක්‍රියාවලියන් විවිධාකාරයට පැතිර යාම නිසා ඒවා කුමන ආකාරයන් දැයි හඳුනා ගැනීමට හැකි වුව ද ඒවා හටගත්තේ කෙසේදැයි කියත හැකි ද? මෙහි දී ගැටළුව වන්නේ ඉහත සිතුවිලි පුද්ගලික වූ නිසා වෙන අයෙකුට ඒ ආකාරයෙන්ම පැහැදිලි කරත හැකි ඒවා නොවීම පමණක් ද?
රසායනික මොළය පැහැදිලි කිරීමට ඒවා අපගේ පුද්ගලික හා අනූපම වූ ද, පොදු වූ ද සංවේදන සියල්ලම සලකා බැලීම යයි කිව නොහැක්කේ ඊට භෞතික ලෝකයේ ඉඩ ප්‍රස්ථාවක් නොමැති හෙයිනි.
මේ මතය ද ගෙන එන්නේ අද ඊයේ නොව 1935 දී අයන්ස්ටයින් වෙත කුවාන්ටම් තියරියේ වඩාත්ම ප්‍රසිද්ධ විරුද්ධාභාසය (paradox) ඉදිරිපත් කළ අර්වින් ශ්රෝඩින්ගර් ය. ස්ටාර් ට්‍රෙක් වැඩසටහනක දී කැප්ටන් පිකාර්ඩ් තම ලුතිනන් වෝර්ෆ්ට කියනා සේ මෙහි දී (භෞතිකවාදයට එරෙහිව තවමත් නිශ්ප්‍රභා කරගත නොහැකිව සිටින විරුද්ධාභාසය කියා පෑමට) “ෆෝටෝන් ටෝපීඩෝ සුදානම් කරන්න” යයි කිව හැකිය.
අනුමානයෙන් යමක් නිශ්චිතව කිව නොහැකි ය. ඊට භෞතික විද්‍යාඥයා දරන උත්සාහය අනුව යාන්තමින් ළං විය හැක්කේ චලනය වන වස්තුවකට එක ෆෝටෝන විදුලියක් වැදීම මැනීමට ය. එය ඉතාමත්ම නිශ්චිත බවට ළං වන මිණුම් දණ්ඩ වුවත් එය බලන්නට දරන ඉතාම කුඩා උත්සාහයක දී වුවද එහි ස්ථානය (position) සහ චලනය (motion) වෙනසකට භාජනය වෙයි.
ඉතින් මෙහි දී භෞතික විද්‍යාඥයා ගන්නේ අමුතු පියවරකි. නිශ්චිත බව කියන්නට නොහැකි නිසා නියතයක් නැතැයි යන ප්‍රස්තුතයට ඔහු එළඹේ.
නියතයක් නැත්නම් තම විරුද්ධාභාසය පැහැදිලි කරන්න යැයි ශ්රෝඩින්ගර් කියයි. මෙහි දී කිසිම පූසෙක් පර්යේෂණයට යොදා ගැනුනේ නැත. මෙය හුදු මානසික අභ්‍යාසයක් පමණි.
පර්යේෂණය: පෙට්ටියකට දැමූ පූසෙකි. පූසා හා ඇතුලට විකිරණශ්‍රීල අණුවක් ද, ගයිගර් කවුන්ටරයක් ද, වස බෝතලයක් (HCN) ද, මිටියක් ද දමා ඇත. විකිරණශ්‍රීල අණුව වෙනස් වුවහොත් ගයිගර් කවුන්ටරය එය මැන විසිර යන ඇල්ෆා අංශු හඳුනා ගනියි. ඉන් හටගන්නා ප්‍රතික්‍රියාව නම් මිටිය වස බෝතලයට පහරක් දීම ය. වස නිසා පූසා මිය යයි.
පෙට්ටිය ඇතුලත ඉන්න පූසා මියගොස් ද ජීවත්වන්නේ ද යන්න දැන ගැනීමට එය විවෘත කළ යුතුය. විවෘත කිරීම නොහොත් නිරීක්ෂණයට යෑමේ දී, පවතින තත්වය වෙනස් වන නිසා පූසා ජීවත්වන්නට හෝ මැරෙන්නට ඉඩ තිබේ. තව පැහැදිලි කරගැනීමට මෙතැනින් ද, පූසා හා පර්යේෂණයට සහභාගී වීමට මෙතැනින් ද, ඒ ගැන නූතනයේ වූ පර්යේෂණය පිළිබඳව මෙතැනින් ද විස්තර සොයාගත හැකිය.
භෞතික වූ දේ නිසියාකාරව නිරීක්ෂණය හෝ මැනිය නොහැකි අප ඉන් පිටත ඇති දේ භෞතික දැයින් නිරීක්ෂණය හෝ මැනීමට තැත් දැරීම සුදුසු ද? මොළයේ රසායනික ක්‍රියාවලිය දැක්ක ද, එය පැහැදිලි කරගත හැකි වුව ද, එය හටගන්නා, පවතින්නා හා ප්‍රතිඵල විවිධාකාරයෙන් පැතිරෙන්නා ආකාරයන් සියල්ල නිරීක්ෂණයට අපට බැරිය. එම දැනුම නොතිබිය දී විද්‍යාව තුලින් ආචාර ධර්ම පද්ධතියක් ගොඩනඟන්නට යෑම විද්‍යාඥයාට බාරදිය හැකි ද?
මෑතකදී මම දන්නා කියන වැඩිහිටියෙක් සමඟ පර්යේෂණ නිරීක්ෂණ සහ නිගමන පිළිබඳ සංවාදයකට එළැඹුනා. මේ වැඩිහිටියා ආගම් පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තෙක්. ස්වාමින් වහන්සේලා පවා මෙතුමාගෙන් උපදෙස් පතනවා පොත් ලියන්න.
ඒ කථාකළ දේ වල සාරාංශය අනුව මට පැහැදිළි වුනේ, අපේ පරීක්ෂණ සහ නිරීක්ෂණ බොහොමයක් පවතින්නේ අපට පෙනෙන සහ දැනෙන මාන වල පමණයි. අපට නොපෙනෙන-නොදැනෙන මානවල බොහෝ නිරීක්ෂණ මේ පර්යේෂණ වලින් ලැබෙනවා ඇති: ඒත් අපට ඒවා ග්‍රහණය කරගැනීමට අවශ්‍ය උපකරණ සහ හැකියාවන් නැතිව ඇති.
මෙසේමයි අර Noetic Science කියන විෂයයේදී මිනිස් හැකියාවන් සහ පුද්ගලයින් සමූහයකගේ ඒකාත්මික හැකියාවන් (මම මේ ගැන වැඩියම දන්නේ නැහැ) පිළිබඳ පර්යේෂණ වලදීත් අපට අපේ ධාරිතාවය (capacity) කුමක් ද යන්න තවමත් හරිහැටි සොයාගෙන නැති කමින්ම පෙනී යන්නේ විද්‍යාවේ අපට නොපෙනෙන බොහෝ මානයන් ඇති බවයි….
Alchemiya, ඔබ වටහා ගත් විදිය හරියටම හරි ය.
ස්ප්‍රීතුව (spirit) හා පදාර්ථ (matter) එකිනෙකා හා බැඳී ඇති බවත් සියළුම මිනිසුන් එකිනෙකා හා බැඳී ඇති බවත් කියන Noetic අය ගැන දැන ගැනීමට මෙතැනින් පුළුවන.
මා මනස (mind) පිළිගත්ත ද ස්ප්‍රීතුව (spirit) පිළිගැනීමට පසුබට ය. සමහර විට අද දිනය ඊට දෙන නිර්වචනය නිසා වන්නට ද හැකිය.
කොලයක් අරගෙන මැදින් ඉරක් ගහන්න. එක පැත්තක දැනුමයැයී කියා ලියන්න, අනෙක් පැත්තේ නොදැනුවත් කම කියා ලියන්න.
“තාක්ශනය” ඇත්තේ දැනුම පැත්තේයී. අපි කොම්පියූටර හදන්නේ අපේ දැනුම බාවිතා කරලායී.
මැද ඇදි ඉර, විද්යාවයී. දැනුම සොයා ගන්නනා විට, මේ ඉර නිතතින්ම, දැනුම සහ නොදැනුවත් කම අද්දරත් සමග ඉදිරියට යනවා. ඉරේ එක් පැත්ත දැනුවත් කම, අනෙක් පස නොදැනුවත් කම. මේ ලක්ශනය නිසා, විද්‍යාවට සියලු දේ වටහා ගත නොහැකියයී කියන පුද්ගලයා විද්‍යාව යනු කුමක්දැයී යන්නවත්, ආගම යනු කුමක්දැයී යන්නවත් හරි හැටි වටහා ගෙන නැහැ. විද්‍යාව කිසිම දාක සියලු දේ ග්රහනය කරගන්නේ නෑ. එසේ වූ දාට – ඒ මැදි ඉර – හෙවත් විද්‍යාව නැතිවී යනවා. විද්‍යාඥයා යනු, මා සියලු දේ දන්නේයැයී කියා කකුල් උඩ දමාගෙන ඉන්නා පුද්ගලයෙකු නොවේයී. හිස ගිනි ගත්තෙකූ සේ නොදන්නා දේ සොයනා පුද්ගලයායී.
ආගම ඇත්තේ නොදැනුවත් බාවය පැත්තේයී. ආගම අපි විශ්වාස කල යුතුයී. විස්වාස නොකරෝතීන් අපායේ යනවායැයී යන්නත් විස්වාස කල යුතුයී. මිනිසුන්, තමා සියලු දේ දැන ගත යුතුයැයී අදිමානයක එල්ලී සිටිනා නිසා, දැනුම නැති තැනි ඇති හිදෙස ආගමෙන් පුරවනවා සහනයක් ලබා ගන්නවා. ආගමෙන් හිස පුරවා ගත් පුද්ගලයා, තමා සියලු දේ දන්නේයැයී කියා කකුල් දෙක මේසය උඩ දමාගෙන ඉන්නවා. අලුත් දේ සොයා ගැනීම නවතා දමනවා.
කොලූ, මා දකිනා විදියට //විද්‍යාවට සියලු දේ වටහා ගත නොහැකියයී කියන පුද්ගලයා විද්‍යාව යනු කුමක්දැයි// නිසියාකාරව වටහා ගන්නා ය. විද්‍යාව නිසි සේ හඳුනා ගැනීම නිසා විද්‍යාවේ අඩුපාඩු දකිය හැකි ය. එය පැහැදිලි කිරීම සටහනේ අරමුණ විය. මා එයට සමත් වී ඇති බව සමහර ප්‍රතිචාර වලින් ද අසමත් වූ බව අනිත් ප්‍රතිචාර වලින් ද පෙනී යයි.
ලෝකයාගේ දියුණුවට වන විද්‍යාවේ සම්මාදම නොව සටහනේ විචාරය ඊට වඩා ගැඹුරින්, විද්‍යාවට සියළු දේ වටහාගත හැකි යයි කියන්නට මූලික වූ විද්‍යාත්මක පදනම විමසයි. මගේ මේ සටහන මඟින් කරන්නේ විද්‍යාවෙන් ආචාර ධර්ම ප්‍රශ්න සඳහා පිළිතුරු දිය හැකි යයි කියන හැරිස්ගේ පදනම විචාරය කිරීම ය.
පදනම විමසද්දී, පදනම දෙදරා යන්නේ නම් එතැනින් එහාට යාම නොව පදනම ස්ථිරව අළුත්වැඩියා කරගත යුතුය. නැතහොත් වෙනත් පදනමක් ගොඩනඟා ගත යුතු ය. නැතහොත් ඉදි කරන්න කඩා හැලේ. ගොඩනැඟිල්ලක් සේ ම එය මතයක් වෙත ද බලපායි.
ආගම ගැන වෙන දවසක කතා කරමු. ආචාර ධර්ම යනු ආගම නෙමේ. ආගම අදහන්නා සිය ආචාර ධර්ම ආගම මත පදනම් කරගත්ත ද ආගම අදහන්නේ නැති අයට ද ආචාර ධර්ම ඇත.
හාව්කින්ස් හා ම්ලොඩිනොව් දෙදෙනා සේ ම, හැරිස් ද තම මතවාද ගොඩනැඟීමට යොදා ගන්නා ප්රකාරාන්තරණ (reductionist) පදනම පළුදු සහිත ය. එය පෙන්වා දීම විද්‍යාවේ අගය හෑල්ලු කිරීමක් යැයි සැලකීම එහි වැරැද්ද නිවැරදි කරන උත්තරයක් නොවේ. මා නොව පදනම එවැනි ආකාරයකින් ගොඩනඟන්නේ ඔවුන් විසින් ය. පදනම පළුදු සහිත බව පෙන්වා දුන් විට එය පැත්තකට දමා එය මත ම මතවාදය ගොඩනැඟීම ගැන ප්‍රශ්න කරනු නොහැකියේ මන්ද?
//කොලූ, මා දකිනා විදියට //විද්‍යාවට සියලු දේ වටහා ගත නොහැකියයී කියන පුද්ගලයා විද්‍යාව යනු කුමක්දැයි// නිසියාකාරව වටහා ගන්නා ය///
සැබෑය. “විද්‍යාව හෑල්ලු කරනා පුද්ගලයා” නමින් මා ලිවිය යුතුව තිබිනි.
//ලෝකයාගේ දියුණුවට වන විද්‍යාවේ සම්මාදම නොව සටහනේ විචාරය ඊට වඩා ගැඹුරින්, විද්‍යාවට සියළු දේ වටහාගත හැකි යයි කියන්නට මූලික වූ විද්‍යාත්මක පදනම විමසයි.//
විද්‍යාවට සියලුදේ වටහා ගත නොහැකීය. විද්‍යාව සියලු දේ වටහා ගැනීමෙන් ඇති ඵලයකුත් නැත. විද්‍යාව සියලු දේ වටහා ගැනීමට උත්සහ කරන්නේත් නැත. (The Web of Belief) නමුත් සෑම් හැරිස් විද්‍යාවට සියලූම දේ වටහා ගත හැකියැයී තරක කරනවාදැයී මම දන්නේ නැත.
//පදනම විමසද්දී, පදනම දෙදරා යන්නේ නම් එතැනින් එහාට යාම නොව පදනම ස්ථිරව අළුත්වැඩියා කරගත යුතුය. නැතහොත් වෙනත් පදනමක් ගොඩනඟා ගත යුතු ය. නැතහොත් ඉදි කරන්න කඩා හැලේ. ගොඩනැඟිල්ලක් සේ ම එය මතයක් වෙත ද බලපායි.//
වෙනත් වචනයකින් කියනවානම්, “විද්යාවයී”.
//හාව්කින්ස් හා ම්ලොඩිනොව් දෙදෙනා සේ ම, හැරිස් ද තම මතවාද ගොඩනැඟීමට යොදා ගන්නා ප්රකාරාන්තරණ (reductionist) පදනම පළුදු සහිත ය. //
සැබෑය. චරිතය එසේ වෙන පලියට විද්‍යාව හෑල්ලු නොවේ.
//පදනම පළුදු සහිත බව පෙන්වා දුන් විට එය පැත්තකට දමා එය මත ම මතවාදය ගොඩනැඟීම ගැන ප්‍රශ්න කරනු නොහැකියේ මන්ද?//
ප්‍රශ්ණ කල හැකිය. ප්‍රශ්ණ කල යුතුය. උත්තර සෙවීමේ අභිප්‍රායෙන් ප්‍රශ්ණ කල යුතුය.
කොලූ,
මෙතැන විද්‍යාව හෑල්ලු කරන්නා ආගම විද්‍යාවට වඩා ඉහළ යැයි කියන්නා යයි තවත් සමාජය විසින් ස්ථාපනය කරන්නට තැත දරන්නා වූ වාදපදයකි. මා ද එවැන්නෙක් යයි මුල් වූ සිතකින් එක සටහනක් පමණක් කියවුවහොත් එසේ පෙනෙන්නට ඉඩ ඇත. නමුත් මා ලියා ඇති සියළු සටහන් කියවන අයෙක් (අන්තර්ජාලය තුල ඒවා තවමත් ඉතා සුළු ප්‍රමාණයක් නිසා) යම්තාක් දුරකට එය වැරදි යයි දකිනු ඇත. අද විද්‍යාවේ ඇති නව සොයාගැනීම් ජීවිතයට සම්බන්ධ කරගැනීමට සමාජ බුද්ධි විද්‍යාව, ළමා මනෝවිද්‍යාව, මනෝචිකිත්සක විද්‍යාව හා තරඟකාරී ලෝකයට අවශ්‍ය අන්දමට මොළය හසුරුවන ආකාරයන් ගැන මා ලියූ තරමින්, නව විද්‍යාත්මක සොයාගැනීම් මතින් සරල සිංහල පොත් තවමත් ලාංකික පාඨකයාට නැත. මේ මට්ටමින් විද්‍යාව ගැන පැහැදිලි කරගැනීමට කතා කරන වෙනත් සිංහල වෙබ් අඩවියක් හෝ තිබෙනවා ද? තරඟකාරී ලෝකයට අවශ්‍ය අන්දමට මොළය හැඩගස්වා ගන්නා ආකාර ලියූ පොත ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපන ආයතනයේ ඉහළ නිලධාරියෙක් බලා කියා ඇත්තේ “මා තමයි මෙය ලියන්නට සුදුස්සා” කියාය. ඔහු සුදුස්සා නම්, ඔහුටත් එවැන්නක් ලියනු හැකි වී නම්, තවමත් එවැන්නක් ලියා නැත්තේ ඇයි දැයි මගේ ප්රශ්නයයි.
ඉතින් දර්ශනයේ හැදියාවෙන් මා විද්‍යාත්මක (භෞතික, නියුරෝන, මනෝවිද්‍යාව, සමාජ බුද්ධිය) සොයාගැනීම් ගැන කතා කරන්නේ, ලියන්නේ කිසිම ආගමක් තහවුරු කරන්නට නොවේ. මනුෂ්‍යයාගේ සුභ සිද්ධියට අත දීමට ය. නමුත් පදනම ස්ථිරව ගොඩනැඟී නැත්නම් එය විමසන්නට හැකියාව නොහොත් //වෙනත් වචනයකින් කියනවානම්, “විද්යාවයී”// නිසා මා එය විචාරය කරන්නේ හෑල්ලු කරන්නට නොව අඩුපාඩුව පෙන්වා දෙන්නට ය.
//චරිතය එසේ වෙන පලියට විද්‍යාව හෑල්ලු නොවේ.// තවමත් ඔබට වටහා ගනු නොහැක්කේ //මතවාද ගොඩනැඟීමට යොදා ගන්නා ප්රකාරාන්තරණ (reductionist) පදනම පළුදු සහිත ය// කීම ඔවුන්ගේ චරිතවල අඩුපාඩු නොව ඔවුන් පහදන විද්‍යාවේ අඩුපාඩු දැක්වීම බව ය.
//ප්‍රශ්ණ කල හැකිය. ප්‍රශ්ණ කල යුතුය. උත්තර සෙවීමේ අභිප්‍රායෙන් ප්‍රශ්ණ කල යුතුය.// මගේ අවංක වෑයම එයයි. මා විද්‍යාඥයා වෙතින් බලාපොරොත්තු වෙන්නේ මටත් වැඩගත හැකි විද්‍යාවකි. ආගම සේ ම පැහැදිලි කරගත නොහැකි, ඇජෙන්ඩාවක සිට ලියන අත්‍යාලංකාරය නොවේ.
//මා ද එවැන්නෙක් යයි මුල් වූ සිතකින් එක සටහනක් පමණක් කියවුවහොත් එසේ පෙනෙන්නට ඉඩ ඇත//
// මා එය විචාරය කරන්නේ හෑල්ලු කරන්නට නොව අඩුපාඩුව පෙන්වා දෙන්නට ය.//
//සොයාගැනීම් ගැන කතා කරන්නේ, ලියන්නේ කිසිම ආගමක් තහවුරු කරන්නට නොවේ.//
සැබෑය. ඒ බව මා දනී. අදහස් හුවමාරු පහසු වන්නෙත්, අලුත් දෙයක් ඉගැනීමට ලැබෙන්නෙත් ඒ නිසාය.
// ඔවුන්ගේ චරිතවල අඩුපාඩු නොව ඔවුන් පහදන විද්‍යාවේ අඩුපාඩු//
මා “චරිතය” වශයෙන් කීවේ, විද්‍යාවේ චරිත ලක්ශනය.
// මගේ අවංක වෑයම එයයි//
ඒ බවත් සැබෑය. කතා බහ පහසු සහ රසවත් ඒ නිසාය.
නියමයි. හරිම ප්‍රයොජනවත් ලිපියක්. හුඟක් දෙවල් ඉගෙනගත්තා. ඇල්කැමියාටත් , නෝනාටත් බොහොම පිං. මතක් වුනේ Heisenberg uncertainty principle- indeterminacy principle කියන එකයි.
SriBiris, ස්තූතියි අවිනිශ්චිත සිද්ධාන්තය මතක් කළාට. තව විස්තර දැන ගන්න අවශ්‍ය අයට පහත වාක්‍යය ක්ලික් කරලා කියවන්න පුළුවන්.
“වඩාත්ම නිශ්චිත ලෙසින් ස්ථානය තීරණය කරන්නට ගිය කල, අඩු නිශ්චිත බවකින් ගතිබලය දැන ගැනීමට ලැබේ. එසේම එහි අනිත් පැත්ත ද සිද්ධ වේ.”
-හයිසන්බර්ග්, අවිනිශ්චිත ලිපි, 1927
It is certainly possible to delegate the job of creating a moral code to the scientist, and it is probable that s/he will do so anyway regardless of our approval, but I for one would not want to adhere to it. The simple fact is that, with its complete incapacity to explain existence in a way that makes sense, science is not equipped to deal with matters pertaining to existence, such as morality. (Lest there be any misunderstandings, let me quickly add that I have no problem with science being used for other things that it is quite capable of dealing with).
Some may question the statement that science cannot explain existence. For them, one retort: explain consciousness. Any intelligent person with an iota of knowledge of the philosophy of science would soon come to the realization, if he hasn’t already, that modern science, with its strict materialism, is not very convincing about its assertions regarding consciousness (what Buddhists call viññāna). And any doctrine that can’t deal with consciousness authoritatively has no business with existence, and by extension, morality.
One modern school of philosophy that has called on the scientific bluff is Existentialism:
Philosophically, the mainstream position of science on the issue of consciousness is not new at all. The pre-Buddhist Cārvākas of ancient India held similar views. So did the Buddha’s contemporary Ajita Kesakambali. So did the post-Buddhist Lokāyatas. Their materialism didn’t prevent them from coming up with doctrines of morality (and probably huge followings). But I find them wholly inadequate.
What I do find convincing, as has been mentioned before, is the Buddhist explanation. Entire volumes have been written on the subject, so let us restrict ourselves to one specific question: to what extent are we to trust our senses – which is the only basis for science, even if ‘enhanced’ with ‘plugins’ – when forming theories about the world (and by extension, the individual, and morality)?
Emphasis mine.
B.Y.,
ආචාර ධාර්මික නීති රීතීන් ඉදිරිපත් කරන්නට ඕනෑම කෙනෙකුට හැකිය. තම තම විෂයයන් වලින් විශ්වය හා මිනිසා ගැන සොයාගන්නා දැනුම හා ඊට දෙන අර්ථ කතනයන් තුලින් සමාජයේ පවතින ආචාර ධාර්මිකත්වය විචාරයත්, වැරදි මත නිවැරදි කර, අළුත් තොරතුරු වලින් විශ්වයේ හා මනුෂ්‍යයාගේ සුබ සිද්ධිය සලසා ගැනීමට ඉදිරියට යා හැකිය.
ආචාර ධර්මයේ බොහෝ නීති රීතීන් පුද්ගලික ය. තමන් විසින් කරන පව්-පින් තමන්ට පමණක් බලපාන කලක දී එයින් සමාජ නීති රීතියක් කඩ කිරීමක් සිද්ධ නොවේ. මම මාගේ බැල්ලියට අතින් කවා පොවා ඇය රැක බලා ගැනීම හෝ ඇයට තවදුරටත් තනිවම ජීවත්විය නොහැකි නිසා ජීවිතය රැකීමට සහාය නොදීම යන දෙකින් කුමක් තෝරා ගන්නේ ද යන්න අධ්‍යාත්මික මිස සමාජයේ නීති රීති කඩ කිරීමක් නොවන තාක් කල් ඊට නිදහස මට ඇත. පුද්ගලයෙකු පිළිබඳව ඒ තෝරා ගැනීම මා ඉදිරියේ වුවහොත්, කවා පොවා බලා ගන්නවා ද, නැතහොත් ස්වභාවිකව මරණය කරා යන්නට කිසිත් නොකර ඉන්නවා ද යන්නට මට නිදහස් තීරණයක් ගත නොහැකි ය. මෙහි දී මා ගන්නා තීරණය සමාජයක වාසය කරන නිසා ඒ සමාජයේ පවතින නීති අනුව අධ්‍යාත්මික දඬුවම නොව සමාජයීය දඬුවමකට භාජනය විය හැකි නිසා ය.
අධ්‍යාත්මික නීති රීති ආගම අදහන අය ආගමික සංස්ථා වලින් ලබා ගනිති. ආගමික සංස්ථාවකට නැති අය විචාරයෙන් හෝ විද්‍යාවෙන් එයට පිළිතුරු සොයති.
සමාජයේ නීති රීතී සම්පාදනය කරන ‘පිරිස’ හා ඒ නීති රීතී ක්‍රියාත්මක කරන ‘පිරිස’ හා ඒ නීති රීතීන් කඩකරන අයට දඬුවම් පමුණුවන ‘පිරිස’ ඔවුන් සතු වගකීම් නිසියාකාරව ඉටු කරනවා ද යන්න සොයා බැලීම ඒ ඒ සමාජයේ වසනා අයගේ කාර්ය භාරයයි.
අද දිනයේ ලංකාවේ උද්ගත වී ඇති මානුෂික අයිතීන් කඩ කිරීම ගැන සලකා බලමු. පදනමක් රහිතව ක්‍රියාවට නැංවීම නිසා එදා අශෝක හඳගමගේ ‘අක්ෂරය’ ට වූ තහනම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට වූ මානුෂික අයිතියක් අවහිර කිරීම යැයි නොදැකි අයම අද දිනයේ සරත් ෆොන්සේකාගේ මානුෂික අයිතියට පක්ෂව කතා කරති. මානුෂික අයිතීන් රැකීමේ දී විශ්ව විද්‍යාල සිසුවා, හිටපු හමුදාපතිවරයා, අද බලයේ ඉන්නා දේශපාලනඥයා හා සාමාන්‍ය පුරවැසියා යන සියල්ලෝම එකම මිණුම් දණ්ඩකින් විමසිය යුතුය. ඉන් එක් එක් අයට විශේෂිත වරප්‍රසාද දීම පදනම කුමක්දැයි නොසලකා හැරීමක් වන්නේ ය.
අධ්‍යාත්මික නීති රීති හා සමාජයීය නීති රීති වෙන් වෙන්ව හඳුනා ගෙන ඒවා ගැටෙන්නේ කුමන ආකාරයෙන් ද යැයි ද හඳුනාගැනීම ඉතා දුෂ්කර වූ කාර්යයකි. සිද්ධ විය යුත්තේ මාගේ පුද්ගලික වූ අධ්‍යාත්මික නිදහසත් ඔබගේ පුද්ගලික වූ අධ්‍යාත්මික නිදහසත් ආරක්ෂා කර අප දෙදෙනාටම පොදු වූ සමාජයීය නිදහස සොයා යෑම ය. අරගලය එතැන ය. විසඳුම් ද ඇත්තේ අප අතර ය.
මා මාගේ ප්‍රථම දර්ශන උපාධියේ නිබන්ධනය සාංදෘශ්ටිකවාදය හා බුදු දහම ගැන වූ මාතෘකාවකින් ලියුවෙමි. විචාරය කුමක් දැයි මතකයේ නැත. උවමනා වූ මූලාශ්‍ර සොයා ගැනීමේ වූ අපහසුව නිසා එය ඉතා බාල මට්ටමකින් ලියූ බව පමණක් දනිමි. මා ළඟ පිටපතක් අද නැත. මා රටින් පිටව ගිය පසු මා මෑණියෝ අස් කරන ලද මාගේ පොතපත් එකතුවට එයත් අයිති වූවකි!!
සාංදෘශ්ටිකවාදය අවබෝධයට හැකිවූයේ ඉතා සුළු පිරිසකට ය. එය බටහිර දාර්ශනික නැඹුරුව ඇති බොහොම පිරිස තක්බීරී කරන්නට සමත් වූවකි. එහි දාර්ශනිකයෝ අතර ප්‍රංශ ජාතික ජෝන් පෝල් සාත්ර වෙත නොබෙල් ත්‍යාගයක් (1964) පිරි නැමුණ ද “නියම” සාංදෘශ්ටිකවාදියකු වූ ඔහු එය ප්‍රතික්ෂේප කළේය.
bloody hell!!!!!
This is damn awesome…. Something I never thought.. (my education… sigh 😦 )
Frankly I have to think couple of minutes to grasp the idea itself…Probably the best article you wrote in this blog!!
But yet againt…in physics we see it as a variable..And Schrodinger try to prove the opposite. Classic mathematics.
But question is proving wrong as right, doen’t mean right is wrong? does it?
If wrong is right..right doesn’t necessarily be wrong. Then is this two dimentional? Can it be 3 dimentional where you have some other state in the middle.
Who define those states? Now thats the question…
If science decide it mostly it will be binary decision…if philosophy decided it will be more than 2..
Then which one is correct? Who decide which one is correct?
Now you make me really confused… or I made myself confused 😦
Grey,
Persons who engage in philosophy can gain ability to think creatively and analytically, and aslo gain the ability to solve problems. When you work for a PhD (Doctor of Philosophy) it is “the pursuit of in depth knowledge” you are after. Sadly today many with PhD’s lack that ability even in their own area of expertise. We are so focused in getting that piece of paper we forget to engage in the pursuit of in depth knowledge.
Yesterday, my two year old picked up some boxes from the supermarket floor and put them on the correct rack. I don’t know how he figures out that’s the correct thing to do. But I know he doesn’t have the answer to “why are we here” question (I asked him, he answered he want milk). Morality can exists without explaining or not been capable of explaining “why are we here” quection. In other words, morality has very little, or if not at all, relation with existence. It’s entirely a subject of coexistence. Even though religions influence the subject of coexistence very actively (just like everything else), it is a political matter. Sometimes politic over take religion and other times religion over takes politic. (Buddhism clearly tried to stay away from both of that.)
Answering Aruni’s last para, do we need to understand how the brain work to say it is not right to cover up woman from head to toe or fly plans in to buildings? We have enough data about human behavior to analyze and assume. We don’t need the brain biopsy for that.
The last question is complicated, because at this point of the history, some parts of the worlds “morality” is largely defined by democracy. Not by religion. So I don’t think even we don’t need a comparison between science and religion when it come to this subject, because we already agree to pick and choose (and ignore what is immoral) from religion according to our democratic need.
කොලූ,
//Morality can exists without explaining or not been capable of explaining “why are we here” quection. In other words, morality has very little, or if not at all, relation with existence. It’s entirely a subject of coexistence.//
අපි මෙහි ඉන්නේ ඇයි යන්නට දෙන පිළිතුර මත ආචාර ධර්ම තීරණය වේ. අපි මෙහි ඉන්නේ සහජීවනයෙන් ජීවත්වීමට ද? එහෙම නම් අපි එකිනෙකා හා සහජීවනය වටහා ගත යුතු ය.
අපි මෙහි ඉන්නේ විද්‍යාවේ දියුණුවට ද? විද්‍යාවේ දියුණුවට නම් ඒ සඳහා මනුෂ්‍ය හා සත්ව බිලි දීම හොඳ ය.
අපි මෙහි ඉන්නේ වෙනත් ලොවක් කරා යන තෙක් පිං එකතු කරන්න ද? ඒ සඳහා නම් ඒ යන ලෝකයට ගෙන යන පරිදි පිං එකතු කරගැනීම හොඳ ය.
සමාජයේ සහජීවනයෙන් ජීවත්වීම සඳහාම ආචාර ධර්ම අත්‍යවශ්‍ය වේ. B.Y. හා විචාරය පරිදි ආචාර ධර්ම යනු හොඳ නරක මොනවා දැයි වටහා ගැනීම ය. හොඳ නරක පුද්ගලයාට ආවේනික අධ්‍යාත්මික වූ ද, සමාජයේ සහජීවනයට අවශ්‍ය සමාජයීය වූ ද වෙයි. හොඳ නරක මට මගේ ජීවිතයේ දී පමණක් නියම කරගත් ආකාරයට සමාජයේ ජීවත්විය නොහැකි ය. නමුත් මා වටහාගත් හොඳ නරක සමාජයට බලහත්කාරයෙන් නියම කරන්නට ද මට නොහැකි ය.
ආගම පිළිපදින්නා අද කරන්නේ ආචාර ධර්ම ධර්මිෂ්ඨකම (moral righteousness) මතින් සමාජයට හැදියාව නියම කරන්නට උත්සාහයකි.
විද්‍යාව මඟින් ආචාර ධර්ම පදනමක් දිය හැකි යයි කියන්නා සමාජයට සමාජ සාධාරණත්වය (social justice) මුල් කරගත් හැදියාව නියම කරන්නට උත්සාහයක් ගනියි.
ආගමට ආචාර ධර්ම ධර්මිෂ්ඨකම හැමදෙනා වෙතම නියම කරන්නට නොහැකි ය. මන්ද ආගම මත නොවන ආචාර ධර්ම පවතින නිසා ය.
විද්‍යාව මඟින් ආචාර ධර්ම පදනමක් දිය නොහැක්කේ විද්‍යාව මඟින් සියල්ල පැහැදිලි කරගත නොහැකි නිසා ය. සමාජ සාධාරණත්වය පුද්ගලයෝ විසින් තීරණය කරන්නට ලෝකයේ ගත් සෑම උත්සාහයක්ම, ආගම විසින් ධර්මිෂ්ඨකම තහවුරු කරන්නට ගත් උත්සාහයන් සේ ම ප්‍රතිඵල රහිත ය. මෙහි දී අපිට වෙනත් පදනමක් සොයා යන්නට සිද්ධ වෙයි.
// do we need to understand how the brain work to say it is not right to cover up woman from head to toe or fly plans in to buildings?//
ඔව්. යමක් හොඳ හෝ නරක යැයි තීන්දුවක් දෙන්නට පෙර පුද්ගලයා විසින් ඒ තීරණය ගත්තේ ඇයි දැයි විමසිය යුතු ය. වරදක් කළ අයෙකු යැයි සැකයට ලක් වූ පුද්ගලයා වරද කළා යයි ඔප්පු කරන තුරු ඔහු සැක කාරයෙක් පමණක් ලෙස සැලකෙන්නේ ඒ නිසා ය. සැලසුම් ගසා මිනීමරණ අයෙක් හා සිය ජීවිතය බේරාගන්නට මිනීමරණ අයෙක් අතර වෙනස නිසා සමාජය ඔවුනට දෙන දඬුවම වෙනස් වෙයි. මොළය කීතු කීතු කපා කරන ගවේෂණය නිසා අපට වෙනදා නොතිබුණු අළුත් දැනුම ලැබේ. අප මෙතෙක් සිතාගෙන සිටිය අදහස් වඩාත් වටහාගන්නට හැකිවෙයි. වැරදි මත බැහැරලා ඒ අළුත් තොරතුරු වලින් සිතන්නට හැකියාව ලැබේ. යමක් හරි හෝ හරි නැතැයි කියන්නට අපට ඇති ‘හැඟීම’ පමණින් නොහැක. ඊට බුද්ධියෙන් පැහැදිලි කරගත හැකි, විඥානය (consciousness) හා එකඟ, අවිවාදයෙන් පිළිගත හැකි පදනමක් අවශ්‍යයය.
//The last question is complicated, because at this point of the history, some parts of the worlds “morality” is largely defined by democracy. Not by religion. So I don’t think even we don’t need a comparison between science and religion when it come to this subject, because we already agree to pick and choose (and ignore what is immoral) from religion according to our democratic need.//
මා විචාරයට ගත්තේ ද මෙයයි. එය ප්රජාතන්ත්රවාදයෙන් නිර්වචනය වී යයි පෙනුන ද එය එසේ නොවන බව ගැන විචාරයකි. අද ලෝකයේ සිද්ධ නොවන්නේ මෙයයි. විද්‍යාවෙන් ආචාර ධර්මය පැහැදිලි කරගත හැකි යයි කියන්නා පිරිසක් සමාජ සාධාරණත්වය බලහත්කාරයෙන් ස්ථාපිතයට උත්සාහයක යෙදෙති. ආගමෙන් පමණක් ආචාර ධර්ම පැහැදිලි කරගත හැකි යයි කියන්නා පිරිසක් ආචාර ධර්ම ධර්මිෂ්ඨකම බලහත්කාරයෙන් ස්ථාපිතයකට උත්සාහ කරති. මාගේ ප්රජාතන්ත්රවාදී මතය හඳුනාගන්නා අයෙක් කෙසේ වුවත් එවැන්නක් ඇත් ද යන විචාරයට ඇහුම් කන් දෙන්නෙකු පවතින බෙදුම්වාදය නිසා හොයා ගැනීමට අසීරු ය. මන්ද පවතින බෙදුම්වාදය මත පුද්ගලයෝ පදනම් නොවිමසා එල්ලී ගත් මතයේ එල්ලී සිටීම ය.
//අපි මෙහි ඉන්නේ ඇයි යන්නට දෙන පිළිතුර මත ආචාර ධර්ම තීරණය වේ. අපි මෙහි ඉන්නේ සහජීවනයෙන් ජීවත්වීමට ද? එහෙම නම් අපි එකිනෙකා හා සහජීවනය වටහා ගත යුතු ය.//
තවමත් මට එකග විය නොහැක. මේ ප්‍රශ්ණයට උත්තර නැති ඔබත් මමත්, “යහපත්” ආචාර්ය දර්ම ඇතිව ජීවත් වෙයී. “අපි” විතරක් නොවෙයී, “මම මෙහි ඉන්නේ ඇයී” ප්‍රශ්ණයටද අපි උත්තර දන්නේ නැත. “මම දැන් ඉන්නේ ඇයී” යන ප්රශ්ණයටනම් අපි තරමකට උත්තර දනී.
//ඔව්. යමක් හොඳ හෝ නරක යැයි තීන්දුවක් දෙන්නට පෙර පුද්ගලයා විසින් ඒ තීරණය ගත්තේ ඇයි දැයි විමසිය යුතු ය.//
යහපත් ආචාර දර්ම සෑම විටම යුක්ති සම්පන්න විය යුතුද? යුක්ති සම්පන්න බාවයත්, ආචාර දර්මයන්ගේ ඵලයක් නේද?
//…අවිවාදයෙන් පිළිගත හැකි පදනමක් අවශ්‍යයය..//
අවිවාදයෙන් පිලිගත හැකි පදනමක් ඇත්ද? එවැන්නක් ඇත්නම් එය පාදා ගැනීම තාක්ශණික ගැටලුවකී. අද හෝ, වසර දහසකින් හෝ, ඒ පදනම අප පාදා ගනු ඇත. එවැනි පදනමක් නැත්නම්, – අද එවැනි පදනමක් නැත – ඇත්තේ වාදයෙන් පිලිගන්නා පදනමකී.
//විද්‍යාවෙන් ආචාර ධර්මය පැහැදිලි කරගත හැකි යයි කියන්නා පිරිසක් සමාජ සාධාරණත්වය බලහත්කාරයෙන් ස්ථාපිතයට උත්සාහයක යෙදෙති//
නැත. විද්‍යාවෙන් ආචාර දර්ම පැහැදිලි කර හැකි බව පමනක් කියයී. ප්‍රජාතත්‍රවාදය වෙනුවාට, විද්‍යාව යොදා ගත යුතුයැයී තවමත් කිසිවෙකු කියා නැත. එසේ කිරීමට හැකි තාක්ශණයක් තවමත් නැත.
//ආගමෙන් පමණක් ආචාර ධර්ම පැහැදිලි කරගත හැකි යයි කියන්නා පිරිසක් ආචාර ධර්ම ධර්මිෂ්ඨකම බලහත්කාරයෙන් ස්ථාපිතයකට උත්සාහ කරති.//
උත්සහ ගන්නේ නැත. එසේ කරයී.
කොලූ,
මා සමාජයේ ‘අපි මෙහි ඉන්නේ සහජීවනයෙන් ජීවත්වීමට’ යන කොටස ප්‍රිය කරමි. ඒ නිසාම මගේ ආචාර ධර්ම සමාජීය වූ කල ‘යහපත්’ වන්නේ ය. මගේ පුද්ගලික අධ්‍යාත්මික ගවේෂණය කාහටවත් අදාල නොවන නිසා (ඉහත පදනම යටතේ) එය මා විසින් කියන්නට අවශ්‍ය නැත.
යුක්තිගරුක (reasonable) ආචාර ධර්ම, යුක්ති (justice) සම්පන්න වෙයි. එය ස්වභාවික නීතියකි. යුක්තිගරුක වීම ආචාර ධර්මයට අවශ්‍ය වූ පදනමක් යැයි සලකන්නේ එබැවිනි. එහි ප්‍රතිඵලය යුක්තියයි.
ගැටළුව මෙයයි: ඔබ ආගම පැහැදිලි කරගත නොහැකි පදනමක සිට ලොවට විනාශකාරී ලෙසින් මිනිසාව නොමඟ යවා ඇතැයි සිතා සිටින්නේ නම් ඔබ පැහැදිලි කරගත නොහැකි පදනමක සිටින විද්‍යාව ලොවට හොඳක් කරන්නේ යයි අනුමාන කරන්නේ කෙසේ ද?
අද ලොව පුරා ඇති තාක්ෂණයේ දියුණුවෙන් මිනිසාගේ හා විශ්වයේ ජීවය රැක ගැනීමට හැකියාව සේ ම තාක්ෂණයේ ම දියුණුවෙන් මිනිසා හා විශ්වය සුන්නත් දූලි කරන්නට ද හැකිය. ඉතින්, පැහැදිලි කරගත නොහැකි පදනමක ඉන්නා ආගම විනාශකාරී ලෙසින් මෙතෙක් කටයුතු කර ඇත්නම්, එවැනි ම පදනමකින් පටන් ගන්නා විද්‍යාව ඊට වඩා විනාශයක්, ඊට වඩා ඉතා සුළු කාලයක දී කරත හැකි ආකාරය නොදකින්නේ ද? මෙය තාක්ෂණික ගැටළුවක් නොව සමාජයීය වූ මානසිකත්වය පිළිබඳ වූ ගැටළුවකි. මනස මොළයෙන් බැහැර නිසා ඊට විසඳුම විද්‍යාවෙන් ලැබේ යයි අනුමාන කිරීම නොදන්නා පදනමකට විසඳුම සොයන්න බාර දීමකි.
විද්‍යාවෙන් ආචාර ධර්ම පැහැදිලි කරගත හැකි යයි කියන පිරිස සමාජ සුභ සාධනයට ප්රජාතන්ත්රවාදී නොවන ලෙසට විද්‍යාව යොදා ගන්නේ මෙසේය. කොමියුනිස්ට් චීනය එක් දරු ප්‍රතිපත්තියක් ගෙනෙයි. එය එදා චීනයේ ජනගහණය වැඩි වීම නිසා සමාජයේ සුභ සිද්ධියට ‘හොඳ’ යැයි කියා බුද්ධියෙන් එළඹි තීරණයකි. අද ඇමෙරිකාවේ පාසැල් ළමුන්ගේ බර ඉහළ යනවා යැයි කියා ආහාර ප්‍රතිපත්ති ගෙන එන්නට විද්‍යාවෙන් ලබාගත් දැනුම නිසා ‘හොඳ’ යැයි සමාජ සුභ සිද්ධි පිළිවෙතක් ඇරඹී ඇත. මේවා පුද්ගලික වූ තීරණයන්ට විද්‍යාත්මක දත්ත නිසා බලපාන සමාජයීය වූ සුබ සාධන පිළිවෙත් නොවේ ද? සමාජයේ බර වැඩිවීම ගැන වූ අධ්‍යයනයේ සම්පූර්ණ වැටහීම අද අපට ඇත්තේ ද? ඔබ Gattaca (1997) නැමති චිත්‍රපටිය දැක ඇත් ද? එවැනි සමාජයක් කරා පීඩකයා නොයයි කියා කෙසේ තහවුරු කරත හැකි ද?
ආගම් සංස්ථා කරන ආචාර ධර්ම නිර්වචන විචාරය කරන්නට පුද්ගලයාට ලොව කිසිදා නොවූ ඉඩකඩක් අද ඇතිවෙමින් පවතී. ආගම වැනි ම පැහැදිලි නොමති පදනමකින් පටන් ගන්නා විද්‍යාවේ සහතිකයෙන් වැරදි පාලකයෝ අතට ඊට වඩා බලවත් වූ අවියක් දෙන්නට ඔබ සූදානම් ද?
//ගැටළුව මෙයයි: ඔබ ආගම පැහැදිලි කරගත නොහැකි පදනමක සිට ලොවට විනාශකාරී ලෙසින් මිනිසාව නොමඟ යවා ඇතැයි සිතා සිටින්නේ නම් ඔබ පැහැදිලි කරගත නොහැකි පදනමක සිටින විද්‍යාව ලොවට හොඳක් කරන්නේ යයි අනුමාන කරන්නේ කෙසේ ද?//
ආගමික දැනුම ස්තාවරය. විද්‍යාත්මක දැනුම ස්ථාවර නැත. ආගමානුකුලව සිතන්නා සියල්ල දනී. නිවරදී කීරීමට ඉඩක් නැත. හරියට නාහෙට අහන්නේනැති බේබද්දෙක් වාගේය. විද්‍යාව සියල්ල නොදනී. වැරදි කරයී. වැරදී හරි ගැසීමට ඉඩ ඇත. එසේ ඉඩ ඇති බව පිලිගනි. වැරදි හදුනා ගත් පසු, නිවරදි කර ගනී.
චීනය හොද උදාහරණයකී. මෙය හරියට ලෙඩ සුවකිරීමට ඊයම් ශරීර ගත කරා වාගේ වැඩකී. ඒවා අද නිවරදි කරගෙන ඇත. අදත් අපි එවැනි වැරදි වැඩ අනන්තවත් කරනවා විය හැක. ඒවා හෙට නිවරදි වෙනු ඇත.
කොලූ, ආගමික දැනුම “ස්ථාවර” fixed, firm, permanent යයි කීමට ඔබ එළඹෙන්නේ කෙසේ ද?
ලෝකයේ පවතිනා වූ විවිධ ආගම් විවිධාකාරයට ඒ ඒ ධර්මය විචාරයේ යෙදෙයි. දෙවියන් අදහන්නා තුල ද දෙවියන් ගැන වූ අදහස් විවිධාකාර ය. දෙවියන් ලෝකය මැව්වේ නැතැයි කියන ආගම් වල ද විවිධ වූ විචාරයන් කෙරෙති. ආගමානුකූලව සිතන්නා සියල්ල නොදන්නා නිසා තව තවත් පන්සල් පල්ලි හා කෝවිල් වෙත යන්නේ ය. ආගමික නායකයෝ සියල්ල දත් අය කියා ලොව පිළිගැනීමක් නැත. ඔවුන් ද කරන්නේ ආගමික නිර්මාතෘවරයාගේ ධර්මය අධ්‍යයනය, වටහා ගැනීමට උත්සාහය හා ප්රචාරයට වෙහෙසක් නොවේ ද?
විද්‍යාවට //ඒවා අද නිවරදි කරගෙන ඇත. අදත් අපි එවැනි වැරදි වැඩ අනන්තවත් කරනවා විය හැක. ඒවා හෙට නිවරදි වෙනු ඇත.// දෙන ඉහත ඉඩ ප්‍රස්ථාව ඔබ ආගමට නොදෙන තර්කය කුමක් ද?
ආගමට තනිවම අලුතෙන් දැනුම සොයා ගැනීමේ හැකියාව ඇත්නම් (වෙනත් අය සොයාගත් දැනුමට අනුව වෙනස් වීම නොවේ), මාගේ අදහස සම්පූර්ණයෙන් වැරදිය.
බුද්ධාගම සහ යුදෙව් ආගම හැරුනු කල අනෙකුත් කිසිම (මා දන්නා) ආගමක විචාරයට ඉඩක් නැත. ඇත්තේ ආගම, ආගමට ප්‍රිය වෙන සේ, පැහැදිලි කිරීමට ඇති ඉඩ පමනී. ඒ ඉඩ, ඒ ආගම් හේතු කරගෙන ඇතිවූවක් නොවේයි. මානව අදහස් ප්රකාශනයේ අඩුලුහුඩු කම් වල අතුරු ප්‍රතිපලයකී. යමෙක් එයීන් පිටත යන්නේද, ඒ පුද්ගලයා අපායේ තැවෙයී. (මෙතැනදී කුරානයේ, බයීබලයේ, පරිච්චේද වලට ඊතල ගැසිය හැක)
// ආගමික නායකයෝ සියල්ල දත් අය කියා ලොව පිළිගැනීමක් නැත//
නමුත් ආගමික නායකයන් අපි නොදන්නා, වෙනත් කිසිවෙකු නොදන්න, එලිදරව් කරනා ලද දේ දනී. (එසේ නොදන්නා යමක් වේද, ඒ දෙවියන්ගේ අත්භූත හැසිරීම නිසා හෝ, අපේ මෝඩකම නිසා, හෝ පෙර පව් නිසා හෝ අපිට වටහා ගත නොහැකි කමය.) යමෙක් අනාචාරයේ ගිය ගැහැනුන්ට ගල් ගසා මරන්නේ නැද්ද, ඒ පුද්ගලයා තුල ආගමෙන් පිටතදී අහුලා ගන්නා ලද හර පද්දිතියක් ඇත. එවැනි පුද්ගලයන් ආගමේ ප්‍රතිපල නොවේය. (මෙතැනනදී කැමතිනම් කාලාම සූත්‍රයට ඊතලයක් ගැසිය හැක)
// …දෙන ඉහත ඉඩ ප්‍රස්ථාව ඔබ ආගමට නොදෙන තර්කය කුමක් ද?//
මා ඉඩ දෙනවා පමණක් නොවෙයී, ආගම වැරදි හදාගෙන ආගම අතහැර දමනු ඇතැයී දිනපතා ප්‍රාර්තනා කරයී. ආගම් දැනටමත් තමාගේ ආගමික කාරනා බොහෝමයක් අත හැර දමා, වැරදි හදා ගෙන ඇත. (ඒ ආගම විසින් සොයා ගත් දැනුම නිසා නොවේය.) Religion no more Opium, it is placebo.
කොලූ, ලයිට් බල්බයක් පත්තු විය! ඔබ හා මම හැරිස් හා ඩෝකින්ස් දෙදෙනාගේ පැතිකඩ දැකීම වෙනස්වීමට හේතුව මෙසේ විය හැකි ද? මම කියවන්නේ ඔවුන් විසින් ලියන ලද සම්පූර්ණ පොත: හැඳින්වීම, පදනම, විකාශනය හා නිගමනය යනාදී සියල්ලම ය. හැරිස් හා ඩෝකින්ස් යන අයගේ අදහස් යූ-ටියුබ් බලා පමණින් ඔබ අවබෝධය ලබනවා ද? මෙම යූ-ටියුබ් කොටස් ඔවුන් තම පොත්වලින් කියනා දෑ පේරනයකින් වත්කර පිරිසිදු කර දීමක් වැනි ය. ඔබ ඔවුන්ගේ පොත් සම්පූර්ණයෙන් ම කියවා ඇත්දැයි දැනගැනීමට කැමතියි.
ඩව්කින්ස්ගේ පොත් පමණයී කියවා ඇත්තේ. හැරිස්ගේ පොත කීයවා නැත. //නමුත් සෑම් හැරිස් විද්‍යාවට සියලූම දේ වටහා ගත හැකියැයී තරක කරනවාදැයී මම දන්නේ නැත//යී මා ලීවේ ඒ නිසාය. ඔහු එසේ කියනවානම්, එය තවමත් මට පිලිගත/වටහාගත නොහැක.
කොලූ,
ඔව්, ඔහු ඉතාමත් පරීක්ෂාකාරීව එය පැහැදිලි කරනවා මෙහෙම “ විද්‍යාවට ක්‍රමයෙන් ජීවිතයේ ගැඹුරුම ප්‍රශ්න සම්පූර්ණ කළ හැකිය.” -science will gradually encompass life’s deepest questions- 7 වන පිටුව
සෑම් හැරිස් ලියන පොත The Moral Landscape හෙඩිමට අමතරව ඇති පැහැදිලි කිරීම නම් “විද්‍යාවට මනුෂ්‍ය අගයන් තීරණය කළ හැක්කේ කොහොම ද” (how science can determine human values) යන්න ය. එහි දෙවන පිටුවේ ඔහුගේ ප්රස්තුතය දැක්වෙයි: මනුෂ්‍ය සුගතිය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ ලෝකයේ සිදුවීම් හා මනුෂ්‍ය මොළයේ තත්ව මත ය. මෙහි දී ඔහු උවමනාවෙන් ම මනස ගැන කතා නොකර සිටියි. මොළය විද්‍යාත්මක සොයා ගැනීම් වලින් පමණක් අවබෝධය කරගත හැකි අංගයක් සේ සලකයි. ඊට එරෙහිව නඟන ප්‍රශ්න කිසිවක් ඔහු සලකා බැලීමට වත් පිළිතුරු දීමට වත් උත්සාහ කර නැත.
මාධ්‍යය විසින් කරනා සත්‍යයක් වටා ගෙති අත්‍යාලංකාරය ඉන්පසු භීතිය කරා යවන පීඩනය ඔහු ද කරන්නේ මෙසේය. ඔබ එකතු කළ යූ-ටියුබ් කොටසේ වූ දරුවන්ට ගැහීම සැලකිල්ලට ගනිමු. පොතේ එය ද සඳහන් කරන ඔහු මෙසේ ද කියයි: “සිය දහස් ගණනින් දරුවන් සෑම වසරක දී ම මේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙති, සුවිශේෂී ලෙසින්ම එය වන්නේ දකුණේ ය. මෙම චර්යාවට පාදක වන සිහිබුද්ධි විචාරය පැහැදිලිවම ආගම වෙයි.” (Hundreds of thousands of children are subjected to this violence each year, almost exclusively in the South. Needless to say, the rationale for this behavior is explicitly religious: for the Creator of the Universe Himself has told us not to spare the rod, lest we spoil the child (Proverbs 13:24, 20:30, and 23:13-14). ඔහු දකුණ සඳහන් කරන්නේ එහි වැඩිපුර ආගම අදහන අය සිටිනවා යැයි පොදු පිළිගැනීම නිසා ය. මා දකුණේ වසර 20 කට ආසන්න කාලයක් වාසය කළෙමි. ආගම අදහන අය සේ ම ආගම අදහන්නේ නැති අය ද ඇසුරු කළෙමි. දුප්පත් හා පොහොසත් හැම ජන කොට්ඨාශයක් ම විවිධාකාරයෙන් සමාජය හා පවත්වන ලද සබඳතා නිසා දැන හඳුනා ගතිමි. ඉඳහිටක කඩමණ්ඩියක තැන නොතැන නොබලා දිවයන දරුවෙක්ට පස්සා පැත්තට පහරක් දෙනවා දැක ඇත්තෙමි. පුවත්පතකින් හෝ රේඩියෝවෙන් ඒ ගැන කිසි දිනෙක අසා නැත්තෙමි. පළාතේ වෛද්‍යවරු බොහොමයක් ඉතා ළඟින් ආශ්‍රය කළ අතර ඒ කිසිවෙක් එවැනි හැදියාවක් ගැන කතා කියුවේ නැත. ඊ ළඟට ලංකාවේ අපත් “නොතලා හදන දරුවත් හැඳි නොඟා හදන හොද්දත්” ගැන අසා ඇතිවා නොවේ ද? ලාංකිකයාට එය ආගම විසින් ස්ථාපිත කරන ලද්දක් ද? අද දිනයේ එය ලාංකිකයා අතරින් බැහැරව යන්නේ ආගම නිසා ද? ලාංකිකයා දන්නා මනෝවිද්‍යාව නිසා ද? නැතහොත් භාෂාවේ දියුණුවත් සමඟ අතින් පයින් ගසා ළමයි හදනවා වෙනුවට කතාබහට අපි දියුණුවක් ලැබූ නිසා ද?
විචාරාත්මකව පොත කියවද්දී මෙවැනි අවස්ථා රාශියක් ඔහු ගොතයි. විද්‍යාව තුලින් ලබන අත්‍යවශ්‍ය අගයක් නැතැයි මා කියනවා නොවේ. එහෙත් අගයක් පෙන්වීමට තවත් අන්තයක් කරා යා යුතු නැතැයි කීම පමණකි.
බොහොම ස්තූතියී. සෑම් හැරිස්ගේ පොත කියවීමට වෙලාව වැයකීරීමට මුලදීම මට හිත දුන්නේ නැත. වයස දෙකක පොඩ්ඩෙකුයී, රස්සාවල් දෙකකුයී නැත්තම්, සෑම පොතක්ම තෝරා බේරන්නේ නැතිව කියවන්න තිබුනි. මොලය පිලිබද විද්ඥයකු වශයෙන්, මනස අමතක කර මොලය ගැන පමණක් සැලකීම ගැන මා වැරැද්දක් කියන්නේ නැත. නමුත්, ඇමරිකාව නාම පද යොදාගෙන වර්ග කරන්න යන බොහෝමයක් දෙනා, සියලු දෙනාම එක ගොඩේ දමන්න ගොස් දහ අතේ අනා ගනිති.
කොලූ,
ඇත්ත ඇති සැටියෙන් සොයා යන්නට මා හට කාලය හා ඊට ජීවිත කාලයක් ලද අධ්‍යාපනික, වෘත්තීය හා අධ්‍යාත්මික වූ කැපවීමක් ද ඇත.
// මොලය පිලිබද විද්‍යාඥයකු වශයෙන්, මනස අමතක කර මොලය ගැන පමණක් සැලකීම ගැන මා වැරැද්දක් කියන්නේ නැත.//
වැරැද්ද සම්පූර්ණයෙන්ම ඇත්තේ එතැන ය. ඔහු ‘මොළය’ ගැන තව දුරටත් ලෝකයාට දැනුම සොයා දීම වෙනුවට ඔහු විසින් ගවේෂණයේ නොයෙදෙන ‘මනස’ නැමති විෂය පැහැදිලිවම කාර්යභාරයක් ඉටුකරන ආචාර ධර්ම පදනම ගැන කතා කරන්නට යෑම ය. එය ඔහු සැබැවින්ම නොදන්නා, නොසොයන විෂයක් මතින් පදනමක් ගොඩනඟන්නට යෑමකි. ඔහු තවත් නියුරෝවිද්යාව ගැන සොයාගැනීම් ඉදිරිපත් කරනවා නම් මා ඊට උවමනාවෙන් සවන් දෙමි. ඔහු නියුරෝවිද්යාවෙන් බැහැරව මනස අධ්‍යයනය සඳහා වෑයමක් ගන්නේ නම් මා ඊට ද උවමනාවෙන් සවන් දෙමි. එහෙත් ඔහු එකක් ගැන දැනීමකින්, නොදන්නා දෙයක් බැහැර ලා, පොදු ආචාර ධර්ම පද්ධතියක් පළුදු පදනමකින් ගොඩනැඟිය හැකි යයි කීම සිහිබුද්ධිය සහිත විචාරයෙන් ප්‍රතික්ෂේප කරමි.
Few leads for the discussion.
1. Study/think about the concept of emergence. in simple term emergence is a complex behavior in a simple elementary system, unguided or affected by outside. [Ex: every bird of a herd keeps a certain distance and direction to the other, however it creates a aerodynamic, and safe pattern for the overall herd. No bird designed it, planned it or meant it]
2. No one can deny the existence of mind, but the debate is what mind is. Mind can be explained by a god given soul, or as initiated by sansarically transferring “thing” that causes bhava [is that what they call vigngnaana?], etc.
3. Also mind can be explained as an emergent effect of neurons w/o needing any external stuff, but the genetic foot print and the set of neurons.
4. Note: Brain has ~1.3 billion analog logic gates, where each can make ~25000 connections among one another. Compare this with the strongest chip available.
5. Causality [not hathupalavaadaya – but the idea that event A causes event B] and randomness. To the much that science has uncovered. causality in the macro universe is another emergent effect of randomness in micro scale. In another words, the tiny elementary actions that cause the universe for us to observe as what we do, do not really mean it but JUST happen.
6. Concept of convergence. Emergence essentially needs a reason to converge. Otherwise, small small elementary events will never create an organized and complex event that repeats. Example is evolution. The theory of natural selection is the cause of convergence of small mutations that happen in offspring, to cause a emergent behavior called life.
7. Are there more convergent theorems that we do not know. Are they causing the small scale chaotic randomness, to “emulate” the macro scale order and causality?
8. Everything is a model. Everything is an explanation. Nothing is known as “truth”. Hence all the above mentioned “theorems” that I stated as I “know” them well, are all debatable, changeable, and never the exact reality [if any].
Great work Aruni. Surely you best so far.
I’m a little dismayed that every time the ‘B’ word is used the comment seems to get branded as ‘pro-religion’ and somehow, by extension, ‘anti-science’. Perhaps instead of ‘Buddhism’ (a term that never appears in the doctrine of the man who taught it in ancient India) I should use something like ‘Dependent-Co-Arising-ism’.
Regarding the relationship between morality and existence, කොලූ said:
And Aruni added:
What if we are to probe deeper and question the fundamental assumptions? When we say something is ‘good’, what is our basis for that judgement? How do we know something is ‘reasonable’? It is here, I maintain, that science (at least in its contemporary version) is wholly incapable of giving us answers, simply because that is not its job. As Kierkegaard pointed out, science ignores “the relationship of the subject to the truth”, which is what morality is about. But I also don’t believe that the corollary of this is that religion (if it is even possible to bundle all the various conflicting doctrines under such a unifying label) does provide answers. There is certainly much equine excrement in most religious theories infested with huge amounts of ancient ignorance.
In my earlier comment I tried to point out the Buddhist (oh-oh!) critique on the reliance of sense-data for the understanding of the world (and everything else, including morality). At the risk of being tedious, may I quote Ven. Nanavira Thera on this matter (all emphasis in bold mine):
B.Y.,
බුද්ධාගම ගැන මේ සටහන් වල දී මා නොලියන්නේ ඔබ සඳහන් කරන හේතු කාරණා නිසා ම ය. අද ලෝකයේ තම තමන්ගේ ආගම් ගැන ඇත්තේ පැහැදිලි අවබෝධයකට වඩා ජනප්‍රිය රැල්ලකි. ඉතින් ආගම හා ආගමික ධර්මය ගැන කියා දීම, ප්‍රශ්න කිරීම ඒ ඒ ආගමික නායකයෝ හා ඒ ඒ ආගම අදහන්නාට පවරා මා මේ විචාරයට අදාල සටහන් බොහොමය නිර්දලව (neutral) තබන්නට උත්සාහයක් දරමි.
B.Y,
You didn’t use the B word. Well, you did only one time in the previous post, but that just to say B word belonging to R.
I don’t think humans are either social animals or individuals. They are both. If men of science call humans only as social animals, then it is not accurate. If men of religion call humans as individuals, then it is not accurate either.
Do you think humans can be selfishly happy in private? Have you ever been? I have not. So far the only person I know, who can be happy in private is Sherlock Holms – and then again there is a good probability he may suffer from Asperger syndrome.