අරුණි ශපීරෝ‍ වෙතින්

ටියෙටාගේ 3D හොට

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 28, 2015

toucan

ටූකැන් කුරැල්ලාගේ සුවිශේෂිතම අංගය තමයි ලස්සන පාට වලින් හැදෙන විශාල හොට. පහුගිය දවසක ටූකැන් කුරුල්ලෙක් නීති විරෝධී ලෙසින් විකුණන්නට ගිය වෙළෙන්ඳෙක් ළඟ හොට කැඩුණ කුරැල්ලෙක් දැකල ඌව ගලවා ගෙන ඌට 3D ප්‍රින්ටින් වලින් හොටක් ලබාදෙන්නේ වනජීවි සංරක්ෂණ සමූහයක් වූ Instituto Vida Livre විසින් සහ රියෝ ද ජැනයිරෝ හි ෆෙඩරල් විශ්ව විද්‍යාලයෙන්. සටහනේ ටූකැන් පින්තූරයෙන් උගෙ කැඩුන හොට සහ හැදුව හැටි පින්තූර කිහිපයක් බලන්න පුළුවන්.

අලුත් හොට දැම්මට පස්සේ ඌට පළතුරු කන්න දුන්නම ඌ අලුත් හොට පාවිච්චියට අරගෙන නැහැ. ඒත් කැරපොත්තෝ පණුවෝ වගේ කෑම දුන්නම ඌ හොටෙන් කෑම කන්න පටන් ගෙන.

ටියෙටාගේ හොට නැතිවුනේ කොහොම ද කියන එක කවුරැත් දන්නේ නැහැ. සමහර විට නිදැල්ලේ සිටිය දී හොට කැඩුන නිසා කෑම හරියට ලැබුනේ නැතිකමෙන් ඌව අල්ලගන්න වෙළෙන්ඳන්ට පහසු වෙන්නත් ඇති. එහෙමත් නැත්නම් වනජීවීන් නීති විරෝධීව විකුණන අය අතින් කැඩෙන්නත් ඇති. කොහොම වුනත් දැන් අලුත් හොටක් ලැබිල ටියෙටා වනජීවි සංරක්ෂිතයක ජීවත්වෙන්නට භාග්‍යය ලබනව.

ඌට පස්සෙ කාලෙක දී මේ 3D හොටෙන් පැටවුන්ට කන්න ගෙනැත් දෙන්නත් පුළුවන් වේවි කියල තමයි ඒක නිර්මාණය කරපු අයගේ මතය.

කුරැල්ලන්ට විතරක් නෙමෙයි මිනිසුන්ගේ අවයව ගැනත් මෑතක දී සතුටුදායක පුවතක් අහන්න ලැබුණ.

මේ වසරේ එංගලන්තයේ ජේම්ස් ඩයිසන් තෑග්ග දිනාගෙන තියෙන්නේ අත් විශසනය? (amputee) කරන අයට ඉක්මණින් හා ලාබයට පාවිච්චියට ගත හැකි අත් හදලා දෙන 3D ප්‍රින්ටින් පිළිවෙතකට. මේ 25 වියැති තෑග්ග ලබන Open Bionics හි නවොත්පාදක ජොයෙල් ගිබාඩ් කියන්නේ ලබන වසරේ දී පටන් මේවා වෙළඳපොලට ගෙනෙන්නට හැකිවෙයි කියායි.

දැනට බ්‍රිතාන්‍ය පවුම් විසිදාහ සහ හැටදාහ අතර විකිණෙන කෘතිම අත් වෙනුවට මේ 3D ප්‍රින්ටින් වලින් හදන බයෝනික් අතක්, පවුම් දෙදාහකට පමණ විකුණන්නට හැකි යැයි ඔහු අදහස් කරන බව ඒ ගැන සබැඳිය අමුණන වාර්තාවේ සඳහන් වෙනව. රැපියල් ලක්ෂ හතරකට විතර බයෝනික් අතක්! සෑම නව නිපැයුමකම වගේම මේකේ ගුණාත්මක බව අනාගතයේ තව වැඩි වී එහි මිල අනාගතයේ දී තව අඩුවේවි. හැබැයි ඒ ආණ්ඩුවෙන් විශේෂ බද්දක් ගැහැව්වෙ නැත්නම් විදේශයෙන් වෛද්‍ය පහසුකම් ලබාගන්න එකට!!!!

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න